යුද්ධයේදී මියගිය සිය ඥාතීන් සැමරීමට දෙමළ ජනතාවට සම්පූර්ණ අයිතිය ඇති බවත් එම අයිතිය වැළැක්වීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් පවසනවා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , යුද්ධයෙන් මියගිය සිය ජනතාව සිහිපත් කිරීම වැළැක්වූ බව සිහිපත් කළ සම්බන්දන් ඔහුට ධූරයෙන් ඉවත්ව ගෙදර යෑමට සිදුවූ අතර වත්මන් ජනාධිපතිවරයාත් දෙමල ජනතාවගේ සිහිපත් කිරීම් වැළැක්වීමට කටයුතු කළහොත් ඔහුටත් එම ඉරණමම අත්වනු ඇති බවයි ඔහු පවසන්නේ.
මුල්ලිවයික්කාල් සතිය අනුස්මරණය කරමින් උතුරු නැගෙනහිර පලාත්වල දෙමළ ජනතාව විසින් පැවැත්වූ සැමරුම් උත්සව වැළැක්වීමට ආරක්ෂක අංශ කටයුතු කිරීමට පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පවසනු ලැබුවා.