හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විකුණා ලබාගත් අත්තිකාරමකින් පාස්කු වින්දිතයන්ගේ වන්දිය ගෙවා ඇති බවක් පාක්ෂිකයන් අතර කතා බහක් ඇතැයි සඳහන් කරමින් ශ්‍රීලනිප හිටපු විධායක සභිකයෙකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා අල්ලස් කොමිසමට ලිපියක් යොමු කර ඇත .
එබැවින් අදාළ මුදල් උපයා ගත්තේ කෙසේද? යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.