440576795_971025081140248_5780702733859395128_n

අනුරාධපුර – නුවර මාර්ගයේ කවරක්කුලම හංදිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී තිබෙනවා. එම අනතුරෙන් බරපතල තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අද (17) උදෑසන 7.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

පොලිස් නිලධාරීන් හය දෙනෙකු යතුරුපැදි තුනකින් රාජකාරී කටයුත්තක් සඳහා අද උදෑසන මාතලේ සිට අනුරාධපුර බලා එමින් සිටියදී අනුරාධපුර කවරක්කුලම ප්‍රදේශයේදී මාර්ගයෙහි අසල තිබූ විශාල ගසක් එක් යතුරුපැදියක් මතට කඩා වැටීමෙන් මෙම අනතුරු සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ දඹුල්ල පොලිසියට අනුයුක්ත සේවය කරන මාතලේ කොට්ඨාස රථවාන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ .

සිද්ධිය පිළිබඳව කවරක්කුලම පොලිසියේ රථවාහන අංශය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා..


About The Author

Leave a Reply