අද තමයි මිනිස්සු අවුරුදු ගාණකට පස්සෙ සතුටින් කිරිබත් කාපු දවස…
අද තමයි පාට පක්ෂ පැත්තකින් තියල හැම පක්ෂයකම මිනිස්සු පාරට බැහැල එකා වගේ සතුටු වෙච්ච දවස….
අද තමයි මේ රටේ ජාති බේද, ආගම් බේද හැම එකම අමතක කරල මිනිස්සු ජාතික කොඩිය අතට ගත්ත දවස…
එදා හිටපු ජනාධිපතිතුමා මහ පොළොවේ නළල තියපු මොහොතේයි මුලු රටම ඒ සුබ පණිවිඩය දැනගත්තෙ….
හතර වටින් රතිඤ්ඤා පුපුරන සද්දෙ ඇහෙද්දි මම මගේ ළඟම මිතුරියකට දුරකතන ඇමතුමක් ගත්තා….
ඇගේ පෙම්වතා නාවික හමුදාවෙ….
ඒ වෙනකොට නාවික හමුදා බස් රථයට එල්ල වෙච්ච ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයෙන් ඔහු මිය ගිහින්….
මම ඇයගෙන් ඇහුවා “දැන් ඔයාට සතුටු ද ?” කියල….
“අනේ මේක මීට කලින් වුණා නං එයා තාමත් මගේ ළඟනෙ” කියල ඇය මට කිවුවා….
තාමත් මතකයි ඒ වචන….තාමත් මතකයි ඒ දවස….
කොහොම අමතක කරන්නද අපි ?
අපි ඒ බිහිසුණු බව අත්වින්දා…ඒ නිසාම අද විදින සාමය අපට දැනෙනවා….
අද තමයි ඒ දවස….ජාතියට පණ දුන් දවස….
මැයි 18….
ශ්‍රී ලංකා මවගේ දරුවන් වූ අපට අද දවස සිහිකර සතුටු වෙන්න දේශපාලනය අදාළම නැහැ…
අද එක් පුද්ගලයෙකුගේ හෝ එක් දේශපාලන පක්ෂයක දවසක් නෙමෙයි…
අද අපේ දවස….විජයග්‍රහණයේ දවස….
තිස් වසරක යුද්ධයෙන් පීඩාවට පත් වුණ අපි සැනසුම් සුසුම් හෙළුවේ අද වන් දිනයකයි….
මේ විජයග්‍රහණයට දායක වුණු හිටපු ජනාධිපතිතුමා, හිටපු හමුදාපතිතුමා, හිටපු ආරක්ෂක ලේකම්තුමා ඇතුලු යුද, ගුවන්, නාවික සියලු රණවිරුවන්ට බොහෝ පින්….
මව් කුසින් නොව මිහි කුසින්
සිරිලක උපන් විරු දරුවනේ
අපි ඔබෙන් නව පණ ලබා
මෙහි යළි උපන්නෙමු අද දිනේ….
අප අද හුස්ම ගන්නේ ඔබට පින් සිදු වන්නටයි.
ඔබ සැමට පින්