දශක තුනකට ආසන්න කාලයක් මෙරට පැවති කොටි ත්රස්තවාදය සහමුලින්ම පරාජයට පත් කර ශ්රී ලංකාවේ ත්රිවිධ හමුදාව විජයග්රහණය ලද දිනය අදට යෙදී ඇත.
2009 වසරේ මැයි මස 18 වැනිදා එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්රභාකරන් ඇතුළු කොටි නායකයින් ඝාතනය කර මෙම විජයග්රහණය ලැබීය.ඒ අනුව එම විජයග්රහණයේ 15 වැනි සමරුව අද සමරනු ලබයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මානුෂිය මෙහෙයුම සඳහා නායකත්වය ලබා දුන් අතර එවක ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මානුෂීය මෙහෙයුමේ ජයග්රහනය සඳහා විශාල සහයක් ලබා දුන්නා.