
යුක්තිය මෙහෙයුමෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේ අධිබලැති උඳුනක් ස්ථාපනය කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. එම අධිබලැති උඳුනේ ප්‍රථම මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම අද (මැයි 18) සවස 5:00ට සිදුකිරීමට නියමිතව ඇත.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයගේ සහභාගිත්වයෙන් මෙය කරනු ඇත.
පසුගිය කාල සීමාව තුළ භාරයට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීම සඳහා රජය විශාල මුදලක් වැය කර ඇති බව ත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමට ස්ථිර ස්ථානයක් නොමැති වීමෙන් අපහසුතා රාශියක් පැන නැගුණු බව ත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළ අතර ඒ සඳහා ස්ථිරසාර විසඳුමක් ලෙස ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේ පිහිටි ලැක්ටෝස් වත්ත ඉඩමෙහි පර්චස් 20ක භූමියක් ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා අධිබලැති උඳුනක් ශ්‍රී ලංකා පොලිසිය ස්ථාපනය කළ බව ය.
රුපියල් මිලියන 11කට අධික මුදලක් වැය කර මෙම නව අධිබලැති උඳුන ශ්‍රී ලංකා පොලිසියේ වියදමින් මිල දී ගෙන ස්ථාපානය කර තිබේ.