sajith-anura-1

මැයි මස 20 වැනිදායින් පසු සමගි ජන බලවේගය සමග විවාදය සිදු නොකරන බව ජාතික ජන බලවේගය සඳහන් කරන ලද බව අද පුවත්පත වාර්තා කර ඇත.

තම පක්ෂය විසින් සමගි ජන බලවේගය පක්ෂයට පෙර දැනුම් දුන් පරිදි මෙම 20 වැනිදාට ප‍්‍රථම විවාදය පැවැත්වීමට නොහැකිවීම මත එම තීරණය ගත් බව වැඩි දුරටත් පවසා ඇත.

සමගි ජන බලවේගය විසින් විවාද සඳහා දින හතර බැගින් නම්කර ලබාදී ඇතත් ඊට ද එකඟ නොවන බව එම පක්ෂය කියා සිටී.

සමගි ජන බලවේග විසින් යෝජනා කර තිබුණේ පළමුව ආර්ථික කමිටු විවාදය පවත්වා දෙවනුව නායකයන් අතර විවාදය පැවැත්වීමටයි.

නමුත් ජාතික ජන බලවේගයේ ස්ථාවරය වන්නේ පළමුව නායකයන් අතර විවාදය පවත්වා ආර්ථික කමිටු විවාදය දෙවනුව පැවැත්වීමය.

About The Author

Leave a Reply