nalinda-jayatissa

තම පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය හෝ වැඩපිළිවෙල මුද්‍රිතව එළිදක්වා නැතත් තම පක්ෂයේ අය කියන දේවල් ආර්ථික ප්‍රතිපත්තිය ලෙස සැලකිය හැකි බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඔහු බව පැවසුවේ සිරස රූපවාහිනිය පැවති ‘සටන’ වැඩසටහනට එක්වෙමිනි.

සමගි ජන බලවේග විසින් ආරාධනා කර ඇති ආර්ථික කමිටු විවාදය සඳහා මුලින් කිසිසේත්ම සහභාගි නොවන බවද පැවසූ ඔහු නායකයන් අතර විවාද පළමුව පැවැත්වුණු විය යුතු බවත් තරයේ කියා සිටියේය.

විවාදයට සමගි ජන බලවේගයෙන් සහභාගි වූ අජිත් පී පෙරේරා හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ ජාතික ජන බලවේගය ආර්ථික කමිටු විවාදය මගහරමින් සිටින බවත් ඊට හේතුව ඔවුන්ට ආර්ථික වැඩපිලිවෙලක් හෝ එය ඉදිරිපත් කළ හැකි කණ්ඩායමක් නොමැති වීම බවයි.

එමෙන්ම එම කණ්ඩායමේ විවිධ පුද්ගලයන් විවිධ අවස්ථාවල පරස්පර ආර්ථික කාරණා ඉදිරිපත් කරන බවට ද ඔහු කියා සිටියේය.

About The Author

Leave a Reply