ජනාධිපතිවරණය සහ මහමැතිවරණය කල් දැමීමට අවශ්‍ය නම් ඒ සඳහාද අවස්ථාවක් පවතින බව ජ්‍යේෂ්ඨ නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය.
ඊට අදාළ පනත් කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩලය අනුමත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.
පාර්ලිමේන්තුවේදී එය තුනෙන් දෙකකින් සම්මත විය යුතු බවත් ජනමත විචාරණයකින් අනුමැතිය ලබා ගත යුතු බවත් එහිදී පැවසීය.
මීට පෙර එවන් අවස්ථාවක් 1982 වර්ෂයේදී සිදු කර ඇති බව වැඩිදුරටත් පැවසීය.