රුසියානු – යුක්‍රේන යුද්ධයට සම්බන්ධ වී සිටින හිටපු ශ්‍රී ලාංකික හමුදා සෙබළුන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් ලබන මස රුසියාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා මේ බව කියා සිටියා.
ඒ අනුව මෙරට නියෝජිත පිරිස ජුනි 5 – 7ත් අතර කාලසීමාවේදී රුසියාවේ සංචාරය කිරීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
රුසියානු – යුක්‍රේන යුද්ධයට සම්බන්ධ වී සිටින හිටපු ශ්‍රී ලාංකික හමුදා සෙබළු සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් මීට පෙර විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දෙනු ලැබුවා.
එම අංකයට මේ දක්වා පැමිණිලි 455ක් ලැබී ඇති බවයි තාරක බාලසූරිය මහතා අවධාරණය කළේ.
ඒ අනුව මේ දක්වා ලැබී ඇති තොරතුරු අනුව ශ්‍රී ලාංකිකයින් 16 දෙනෙක් අතුරුදන්වී ඇති බව සඳහන්.
තවත් ශ්‍රී ලාංකිකයින් 26 දෙනෙක් නැවතත් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණු බවයි මාධ්‍ය හමුවේ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා කියා සිටියේ.