
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93ක සංචාරකයින්ට වීසා ප්‍රවර්ධන මාලාවක් තායිලන්ත කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ. ඒ අනුව දින 60 කාලයක් තායිලන්තයේ වීසා නොමැතිව සංචාරකයන්ට රැදී සිටීමට හැකිය.
මීට පෙර මෙම අවස්ථාව රටවල් 57 සඳහා තායිලන්ත රජය ලබාදී තිබූ අතර එය රටවල් 93 දක්වා වැඩි කිරීමට තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය කළ යෝජනාවක් මත පසුගියදා එරට කැබිනට් මණ්ඩලය අවසර ලබා දුන්නේය.
එම ලැයිස්තුවට අලුතින් එක්වූ රටවල් 36 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් වී ඇති බවත් තායිලන්තයේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අරමුණින් ගෙන ඇති මෙම තීරණය හෙට(01) සිට ක්‍රියාත්මක වන බවත් තායිලන්ත රජය වැඩිදුරටත් පැවැසුවේය.