IMG_20240601_WA0029_750x375

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා (01) දින පස්වරුවේ නුවරඑලිය මුලස්ථාන පොලිසිය ඉදිරිපිටට එම පක්ෂයේ විශාල ආධාරකරුවන් පිරිසක් කැදවා විරෝධතාවයක නියැලිම හේතුවෙන් නුවරඑලිය අවට පොලිස් ස්ථාන වලින් අමතර පොලිස් බලැණි නුවරඑලියට කැදවා තිබුණි.

පසුගියදා නුවරඑළිය පීඩෘ වතුයායේ තේ කර්මාන්ත ශාලාවට පසුගියදා සිය ආධාරකරුවන් පිරිසක් සමග ගිය අමාත්‍යවරයා එහි පාලනාධිකාරිය කාර්යාල අඩස්සියට ගෙන තිබුණි. ඒ එම තේ කර්මාන්ත ශාලාවේ වැඩ කරමින් සිටි සේවකයින්ව ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

ඊට එරෙහිව එම වතුයායේ පාලනාධිකාරිය විසින් අද නුවරඑළිය පොලීසියට කල පැමිණිල්ලකට විරෝධය පළ කරමින් ඇමතිවරයා ඇතුළු පක්ෂයේ ආධාරකරුවන් නුවරඑළිය පොලීසිය ඉදිරිපිට විරෝධතාවක නිරතව තිබෙනවා.

විරෝධතාවයේ නියැලි සිටි අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතාට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට පොලිසිය තුලට පැමිණෙන ලෙසට නුවරඑලිය පොලිසියේ නිලධාරින් අවස්තා කිහිපයකදි ඉල්ලිම් කලත්, එම ඉල්ලිම් ප්‍රතික්ෂේප කල අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පසුව පොලිසිය තුලට ගොස් උසස් පොලිස් නිලධාරින් සමග සාකච්ඡා කර පිටතට පැමිණ ආධාරකරුවන් හමුවේ කියා සිටියේ වතු පාලන අධිකාරිය මගින් තමන්ට සහ තම ආධාරකරුවන්ට එරෙහිව කර ඇති පැමිණිල්ල ඉල්ලා අස් කර ගැනිමට එකගතාවය පල කල බවයි.

අමාත්‍යවරයා එම ප්‍රකාශය සිදු කිරිමෙන් පසු ආධාරකරුවන් පොලිසිය ඉදිරිපිටින් විසිර ගියහ.

About The Author

Leave a Reply