1702313660-dengue-fever_L

මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 30,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බවද එම කාලය තුළ ඩෙංගු මරණ 12ක් සිදුව ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වාදෙයි.

මෙම වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 30,227 දෙනෙකු දිවයින පුරා වාර්තා වී තිබේ.ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 6,965කි.

රෝගීන් 3,126 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර 3,998 දෙනෙකු යාපනය දිස්ත්‍රික්කයෙන්ද ,රෝගීන් 2,441 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 21ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.

About The Author

Leave a Reply