Wasantha-8-1

පසුගියදා අතුරුගිරියේදී වෙඩි ප්‍රහාරයට ලක්වූ ප්‍රසිද්ධ ව්‍යාපාරික ‘සුරෙන්ද්‍ර වසන්ත පෙරේරා’ නොහොත් ‘ක්ලබ් වසන්තගේ’ බිරිඳ මැණික් විජේවර්ධන තවදුරටත් කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඇයව මේ වනවිට සැක්කම් 03කට භාජනය කර තිබෙනවා.

මේ අතර නන්නාඳුන පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් පසුගියදා දිනක ඇයට මල්වඩමක් යවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම සිද්ධියෙන් පසු රෝහල අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවද සඳහන්.

About The Author

Leave a Reply