1721361936-women-asia-L

ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට් තරගාවලිය අද (19) ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

2004 වසරේදී ආරම්භ වූ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය 2008 වසර දක්වා එක්දින තරගාවලියක් ලෙස පවත්වා ඇති අතර එය 2012 වසරේ සිට සංවිධාන කෙරෙන්නේ T20 තරගාවලියක් ලෙසය.

අද සිට 28 වනදා දක්වා කණ්ඩායම් 8කගේ සහභාගිත්වයෙන් ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන අතර A කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්තානය, නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තරග වදී. B කාණ්ඩයෙන් තරග වදින්නේ සත්කාරක ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව සහ තායිලන්තයයි.

ඒ අනුව අද දිනයේදී තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සියලු තරග නොමිලේ නැරඹීමට ක්‍රීඩාලෝලින්ට අවස්ථාව සලසා දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ශ්‍රී ලංකා කාන්තා පිල මූලික වටයේ සහභාගි වන පළමු තරගය හෙට (20) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතය.

About The Author

Leave a Reply