e13b080398ec0a23e27fca8fb0a1690228820152

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආගමන හා විගමන පනත යටතේ වූ වැරදි සම්බන්ධව ගොනුකළ චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අද (01) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ චෝදනා පත්‍ර 07ක් අධිකරණය හමුවේ කියවා දීමෙන් අනතුරුව ඇය මේ බව ප්‍රකාශ කර ඇත.

අදාළ චෝදනා පත්‍ර 07 විභාගයට ගැනීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එම චෝදනාපත්‍රයේ සාක්ෂිකරුවන් වශයෙන් නම්කර සිටින 01 වන සහ 13 වන සාක්ෂිකරුවන් එළඹෙන ඔක්තෝම්බර් මස (24) වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස නියෝග කර ඇත.

About The Author

Leave a Reply