
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ (01) රාත්‍රියේ දී විශේෂ සාකච්ඡාවක් පැවති බවට පළවන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යයතාවක් නොමැති බව මුහුණු පොතේ සටහනක් තබමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්ව තිබෙන මෙවන් වකවානුවක දේශපාලන අරමුණු අරඹයා මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කිරීමෙන් ජනතාව නොමග යන බවත් එම නිසා මෙවැනි අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා බවත් වැඩි දුරටත් සඳහන් කර ඇත .
