2-SLPP-MP-Johnston-Fernando

මහින්ද රාජපක්ෂ මහතා හැර කවුරු පක්ෂය හැර ගියත් ඔවුන්ට ඡන්ද රැගෙන යා නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කවුරු ගියත් ඡන්දදායකයන් පක්ෂය හැර නොයන බව හෙතෙම කීවේය. මන්ත්‍රීවරු 92ක් පක්ෂයේ තීරණයට විරුද්ධ වී නැති බවත් ඒ පිරිසේ සමහරු මෙහේ සිටිමින් රඟපෑමක් කරන බවත් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතා ළඟට ගොස් සිටින පිරිස් මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූරය ගහගෙන පාර්ලිමේන්තුවට ආපු අය බව පැවසූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඔවුන් ගමට ගොස් මහින්ද මහත්තයා අගමැති කිරීමට ප්‍රාදේශීය සභා අපේක්ෂකයන්ට ඡන්දය දෙන්නැයි කියපු අය බව ද සඳහන් කළේය.

පොදුජන පෙරමුණේ පක්ෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

About The Author

Leave a Reply