453622875_1057552429074612_1364489801277507143_n

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ‘එතෙර අපි සංවිධාන’ විසින් පසුගිය (02) පවත්වන ලද සංගීත ප්‍රසංගයකට සහභාගී වූ 24 දෙනෙකු කුවේට් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියා.

අමාත්‍යවරයාගේ X පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වුවේ එම ප්‍රසංගයට සහභාගී වූ සංවිධායකයින්, සංගීතවේදීන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවත් ඒ පිළිබඳව තානාපති කාර්යාලයද දැනුවත් කර ඇති බවත්, ඔවුන් හැකි ඉක්මනින් නිදහස් කර ගැනීමට කුවේට් නිලධාරීන් සමඟ කටයුතු කරමින් සිටින බවයි .

අදාළ ප්‍රසංගය පැවැත්වූ ගායක ගායිකාවන්ට ඇතුළු 26 දෙනෙකු පසුගිය 2 වනදා කුවෙට් පොලීසිය මගින් අත්අඩංගුව ගෙන තිබුණේ එම ප්‍රසංගය සඳහා නිසි අවසරයක් ලබා නොගැනීම හේතුවෙන්. එරට පිහිටි ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත එම පිරිස ඊයේ රාත්‍රී නිදහස් කර ගැනීමට හැකි වූ බව වාර්තා වෙනවා.

About The Author

Leave a Reply