1722938822-650x433

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් , පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙත් තමන්ට අපහාසයක් සිදුවී ඇතැයි කියමින් රුපියල් මිලියන 500ක වන්දියක් අය කරදෙන ලෙස ඉල්ලා ගොනු කළ නඩුව අද (06) කොළඹ දිසා අධිකරණයේදී සමථයට පත්වී තිබේ.

එම නඩුව අද කොළඹ දිසා අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මන්ත්‍රීවරිය සිය නීතීඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දී ඇත්තේ තමන් සිදුකළ ප්‍රකාශය වැරදි සහගත බැවින් ඒ සම්බන්ධයෙන් පැමිණිලිකාර පාර්ශ්වයෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින බවය.
 
ඒ අනුව අදාළ සමථය සටහන් කරගත් අධිකරණය සමථ කොන්දේසි අනුව කටයුතු කරන ලෙස දෙපාර්ශ්වකරුවන්ට නියෝග කෙරිණි.

About The Author

Leave a Reply