th (21)

විපක්ෂයේ සිට ආණ්ඩුවට එක්වන මන්ත්‍රීවරයකු වෙනුවෙන් රුපියල් මිලියන 300 මුදලක ප්‍රතිපාදන වෙන් කර ඇති බව විපක්ෂ නායක, සමගි ජන බලවේග නායක, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එසේ වෙන් කරන ලද මුදල් මැතිවරණයට අදාළ කටයුතුවලට යොදා ගැනීමේ සූදානමක් පවතින බවද හෙතෙම කියා සිටියේය.

නමුත් ආණ්ඩුවේ සිට විපක්ෂයට එක්වන මන්ත්‍රීවරුන්ගේ විවධ්‍යගත අරමුදල් කප්පාදු කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවද හෙතෙම චෝදනා කළේය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ඒ අනුව මේ පිළිබඳව වහා පියවරක් ගන්නා ලෙස මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කරන බවද විපක්ෂ නායකවරයා කියා සිටියේය.

About The Author

Leave a Reply