driving-licence

අලුත්කර නොහැකි සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කර බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසීය.

එම තීරණය ගෙන තිබෙන්නේ වාර්තා වන රිය අනතුරු සැලකිල්ලට ගනිමින් අතර එම රියදුරු බලපත්‍ර ලාභීන්ට සහන කාලයක් තුළ නව රියදුරු බලපත්‍ර ලබා ගැනීම සිදුකර හැකිය. ඒ සඳහා නිසිපරිදි ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා මුහුණ දිය යුතු වේ.

ඒ අනුව අලුත් කල නොහැකි බරවාහන රියදුරු බලපත්‍ර ලක්ෂ 11 පමණ තොගයක් මේ වසර අවසන් වීමට පෙර අවලංගු කෙරෙන බව පැවසීය.

මීට අමතරව අලුත් කල නොහැකි සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර හිමියන් ලක්ෂ 10 බලපත්‍ර ද ඉදිරියේදි අවලංගු කිරීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply