ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය පසුගිය 21වෙනිදා අනුරාධපුර නගරයෙන් ආරම්භ උනා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් .
අනුරාධපුර කඩ පනහා ප්‍රදේශයේ පැවති පළමු ජන හමුවට විශාල ජනතාවක් රැස්ව සිටි අතර එහිදී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සරත් වීරසේකර මෙන්ම සාගර කාරියවසම්, ඩබ්ලිව් ඩී. වීරසිංහ, තිස්ස කුට්ටිආරච්චි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ පලාත් පාලන නියෝජිතයන් පිරිසක් ද ජනතාව ඇමතුවා.
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට පාක්ෂිකයන් ගෙන් ඉහළ ප්‍රතිචාර හිමිවුනා.