sumanthiran

13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බව අනුර දිසානායක මහතා උතුරේදී මාධ්‍ය හමුවේ පැවසූ බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කරයි.

නමුත් ඔහු දකුනේදී එසේ නොකරන බව මාධ්‍ය හමුවේ සඳහන් කරන බවත් ඒ අනුව තම පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී අනුර දිසානායක මහතාට සහාය නොදෙන්නට තීරණය කල බවත් ඔහු පැවසීය.

13 වන ව්‍යවස්ථා සම්ශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ස්ථිර පිළිතුරක් දීමට ඔහුට නොහැකි ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් තම පක්ෂය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට තීරණය කරන ලද බවත් ඔහු එම සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇති බවත් ඔහු තවදුරටත්  කියා  සිටියේය.

සිරස නාලිකාවේ පැවති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

About The Author

Leave a Reply