ජාතික ජනබලවේගයේ නායක, ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සිදු කළ ප්රකාශයක් සම්බන්ධයෙන් නීතිඥ ධනුක කහඳගමගේ මහතා විසින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
යාපනයේ පැවැති මැතිවරණ රැළියකදී අනුර කුමාර දිසානායක මහතා සිදු කළ ප්රකාශයෙන් ජාතීන් අතර බියක් නිර්මාණය විය හැකි බවටයි, පැමිණිලිකරු පෙන්වා දෙන්නේ.
මැතිවරණයක් ප්රකාශ කර ඇති පසුබිමක ජනාධිපතිධුර අපේක්ෂකයෙක් මෙවැනි ප්රකාශයක් සිදු කිරීම අතිශය භයානක වන බව ද ධනුක කහඳගමගේ නීතිඥවරයා පෙන්වා දෙනවා.
“දකුණේ වෙනසක් සඳහා ජනතාව පෙළගැසී තිබියදී ඒ වෙනසට එරෙහි වන්නන් බවට ඔබ පත් වුණොත්, කුමන මනෝභාවයක් දකුණේ ජනතාව තුළ ස්ථාපිත වෙයි ද කියලා හිතන්න. ඒ වෙනසට එරෙහි වූවන් ලෙස ඒ වෙනසට විරුද්ධ වූවන් ලෙස යාපනය හඳුන්වන එකට ඔබ කැමැති ද.? උතුරු හඳුන්වන එකට ඔබ කැමැති ද? මම ඔබට නැවත සහතික කරන්නම්. අපි ජයග්රහණය කරනවා. හැබැයි ජයග්රහණයේ පංගුකරුවන් බවට පත් වෙන්න. ඊට එරෙහි වූවන් ලෙස ඔබ පත්වෙන්න එපා.”