ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (5) සිදුවුනා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි මහ ලේකම් සාගර කාරියවසම් මහතා ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ යන මහත්වරු එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ අතර ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් විශාල පිරිසක් සහභාගි වුනා.