දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ රාජකාරී ඉටු කිරීම වළක්වාලමින් පනවා ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා මහනාහිමිවරු පෙත්සමක් ගොනුකොට ඇත.
මෙම අතරමැදි පෙත්සම අද (06) යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
මහනාහිමිවරු ගොනුකළ පෙත්සමට අදාළව කරුණු තහවුරු කිරීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය සැප්තැම්බර් 13 වැනිදා රැස්වීමට නියමිතය.
බෙල්ලන්විල රජ මහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්නන, ආචාර්‍ය කොල්ලුපිටියේ රාහුල හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන යන හිමිවරු විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර ඇත.