274130294_10226836545208773_2957479918729778731_n

ශ්‍රී ලාංකීය පළමු ඡන්ද හිමිකරුවන් වෙනුවෙන් වසර ගණනාවක් ගොඩනඟා තිබූ My First Vote සංවිධානයයෙන් හා උතුරු දකුණු යා කරමින් සැබෑ සහජීවනය වෙනුවෙන් කටයුතු කළ යාළු තෝලන් සංවිධානයේ සභාපති ධූරය දැරු සු. බංඩාර කරුණාරත්න එම සංවිධාන වල දැරූ සභාපති ධූරයෙන් ඉවත්ව ඇත.

එසේ ඉල්ලා අස්වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මෙවර මහනුවර දිස්ත්‍රික්කයේ මහ මැතිවරණ අපේක්ෂකයකු වශයෙන් කටයුතු කරන නිසා බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

එම සංවිධාන දෙකම කිසිදු දේශපාලන පක්ෂයකට හෝ කිසිම ජන කොට්ඨාසයකට ලගුනොවෙමින් සමස්ථ තරුණ තරුණියන් වෙනුවෙන් කටයුතු කළ බවත්, එය තමාගේ පුද්ගලික දේශපාලනය හා සම්බන්ධ නොවිය යුතු බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වැඩි දුරටත් සඳහන් කර ඇත.

About The Author

Leave a Reply