
# හෙලෝ, මහින්ද සර්, මම ඩොලී …මට සර් ගැන පොඩ්ඩක් ලියන්න කියල හිතුනා…ලිව්වට කමක් නැද්ද …
# ආ..ඩොලී…උබට ඕන එකක් ලියපං බං ….එත් බං.. මං ක්‍රිකට් ගහල නැනේ…උබ මොනවද ඉතිං මං ගැන ලියන්නේ …
# අවුලක් නැහැ ..සර් ගැන මට හිතෙන දේවල් ලියන්නම් .. ස්තුති, අවසරය දුන්නට . .එහෙනං මං තිබ්බ සර් …..ජය වේවා!
අම්බලන්ගොඩ නගරයේ පොඩිහිට්, වැඩිහිටි,හැරමිටි, සියලුදෙනාම ඔහු අමතන්නේ මහින්ද සර් කියලාය.. බො හෝ දෙනාට “සර්” යන කොටස ❤ හදවතින් “ඔටෝම” කියවෙයි..
වර්තමාන සමාජයේ බලෙන් ගව්රවය ලබාගැනීමට නොයෙකුත් ක්‍රියාකාරකම් කරන පුද්ගලයන් සිට්න සමයක… මහින්ද සර්ට එය ඉබේම හිම්වෙයි.
“සර්ල” කොපමණ හිටියත් අපේ මහින්ද සර් තමයි “සර්”ය…
සර්ගේ අම්බලන්ගොඩ නගරයේ වාසස්ථාන වන්නේ,
හීරේවත්ත, පටබැදිමුල්ල,බෝගහවත්ත, පෝරඹ ඔය සීමාවේ තමයි සර්ගේ ගෙවල් ටික රවුමට කැරකිලා ගිහිං තියෙන්නේ…
මං මේ ලීයන ඒවා ටක්කෙටම හරි නොවෙන්නත් පුලුවන් ඉතිං ….
මහින්ද සර්ගෙ “පලමු වසර පමනක්” පාසල..ගා/ප්රරජාපතී ගෝතමී බාලිකාව.
ඊට පස්සේ අම්බලන්ගොඩ ධර්මාශෝක පොඩි ඉස්කෝලේට , ඒ වැටෙන්නෙටත් පහල බාලාංශයටමයි… ඒ නිසා, අනිත් පොඩි ඈයෝ, බෝල , මල් , රවුං පාට කරනකොට, සර් හිට්යේ අකුරු ගලපල වචනයක් ලියන්න පුලුවන් මට්ටමේ.. ප්රරජාපතීයේ එක්ස්පීරියනස් එකත් එක්ක…💪
ඉතිං ඔන්න ඔහොම තමයි ලොක්කගෙ ස්ටාර්ට් එක… 😎
දැන්, මහින්ද සර් සහ ඔහුගේ ක්‍රිකට් උන්මාද පිස්සුව..🏏
ඉස්සරම අපේ ගමේ , 1966 ඩොක්ටර් හේමදාස කියල මහත්මයෙක් සොෆ්ට් බෝල් ක්‍රිකට් ටූනමන්ට් එකක් ඔර්ගනයිස් කරල තිබෙනවලු, ඒකට සෙල්ලම් කරපු ටීම් තමයි…
පොල්වත්ත පාමිස (පාප ම්ත්‍ර සංගමය)
පොල්වත්ත ක්‍රිම්සන්
පටබැඳිමුල්ල වය්කිංග්ස්
පටබැඳිමුල්ල යංගස්ටර්ස්
කලුවඩුමුල්ල රියෝ
වය්කිංග්ස් ඇල්පිටි පාර කොලෙජ් ලේන් හා කන්ද …
යංගස්ටර්ස් වික්‍රමසූරිය පාර ,පරණ පාර ,වෙරළ පාර ……
වය්කිංග්ස් නායක නැසීගිය කීර්ති, (අපේ බබා සර්ගේ අයියා) . වේග පන්දු යවන්නන් න .හේ . බූවින් තිලකචන්ද්ර ද සිල්වා ,(අපේ රොහිත රන්ජිත්ගේ ආදරනීය මමා) කන්දෙ පදුමරත්න ( නකා ), විල්සන් කොඩිකාර . ජේ ඩබ්ලිව් ආනන්ද ,(රනා ) ආනන්ද හා සුනන්ද දේශප්‍රිය (අපේ මහින්ද සර්ගෙ ආදරනීය අයියලා දෙන්නා) ,ඩන්ස්ටන් ගිනිගේ ( කු. පැටී) , එච්.එච්.මහින්දරත්න හේමානන්ද ….
.අතිරේක…බබා සර් . අපේ මහින්ද සර් නිකම් “බෝල් පිකර්” වැඩේට පමනයි අරං තියෙන්නේ 😃….
ඒ තරමට “පොරගෙ”ෆොෆෝමන්සස් හොදයි….හැබයි, බැලුවොත් පිට්ටනියේ .
ඉස්සර පොඩි කාලේ අම්බලන්ගොඩ පිට්ටනියට උදේට එනවලු ගොම එකතු කරන්නත් එක්ක ..ඒ නිසා ක්‍රිකට් පිට්යේ අත්දැකීම් බහුලයි අපේ “ස”ට..😷
පොඩි අතුරු කතාවකුත් තියේ, “වයිකින්ස්” ටීම් එකේ, අම්බලන්ගොඩ අපි හැමෝම දන්න .බබා සරුයි, මහින්ද සරුයි දෙන්නම 1955හේ උප්පැන්නෙ පොරවල් …
නමුත් වැඩේ කියන්නේ, මහින්ද සර් ඉස්කෝලේන් අස්වෙලා කැම්පස් එකට යනකොටත් අපේ බබා සර් ඉස්කෝලේ “අන්ඩර් නයින්ටීන්” ටීම් එකේ ගහනවලු .. 😷…..අයියෝ යෝ යෝ….
මහින්ද සර්ට ටීම් එකක ප්ලෙස් එකක් හම්බවෙලා තියෙන්නේ දහය වසරෙදී වගේ , ඒ අම්බලන්ගොඩ හිටපු සුපිරි ක්‍රිකට කෙනෙක් වන “එස්.ටී.චන්ද්‍රසෝම” නායකයත්වය දරපු යංගස්ටර්ස් ටීම් එකේ පූර්ණ සාමාජිකයකු ලෙස…අපේ “දඩු රෝහන රෙංගා” අයියා, රවීන්ද්‍ර ගිනිගේ අයියා එහි ප්‍රබල සමාජිකයන් …මේ සෙට් එක බටපොල, නින්දාන,කරන්දෙනිය, උරගහ, ඇල්පිටිය, බෙන්තර 😃”මැතිවරණ”😃 කොට්ටාශ වලට පයින්ම ගිහින් තමයි මැච් ගහල තියෙන්නේ ….ක්‍රිකට් උන කට්ට පොඩි කාලේ ඉදලම “මැක්සිමම්” තිබිල..
ඉස්සර …ඉහත නම් සදහන් වුන රවී ගිනිගේ අයියා එක්ක මහින්ද සර් “කන්දේ” කොල්ලෝ සෙට් එකත් එක්ක කුරුදු පොලු කැඩෙනකම් ගහගෙන තියේලු අම්බලන්ගොඩ පිට්ටනියේ බෝල් ගහන්න දෙන්නෙ නැතුව… ඉස්සර කන්දේ පට්ටම චන්ඩ්යා තමයි “කන්දා”… කන්දා ගැන කෙට්යෙන් කියනවනම්….
අන්නාසි මාමා ගෙන් නොම්ලේ අන්නාසි කාල ඉස්කෝලේ යන කොල්ලොන්ගේ කමීස වලින් තමයිලු කන්දා අත පිහිදාගන්නේ.💀..⛑️.. මැර කන්දා …පුහ්..
කොහොම හරි අපේ මහින්ද සර් කන්දා එක්ක පැටලිලා… කංදට දිල කනේ බෝල හැලෙන්න.. ගහපු ගමන් අපේ සර් ෆුටාරා එකෙන් කෙලින්ම ගෙදර🔥….. පසු කාලීනව කංදගෙන් සෙල්ලම් කරන කාටවත් කරදරයක් වෙලානම් නැහැ ඕං..😷
ඔහොම ගිහිං ගිහිං… 1972 විතර අපේ සර් පෝරඹ සිංහ ක්‍රිකට් සමාජය පැත්ටට එනව….ඉස්සර.. සිංහ පිලේ “ව්නය” අංක එක ..ෆුල් ඩිසිපිලිං… මහින්ද සර් “සිංහ” එකට ආවට කන්ඩායමකට ගන්නෙ නැහැ …හේතුව, 🚬 සිගරැට් ගහන නිසා ඔටෝම රිජෙක්ට් වෙනව පොරව….නෝ ප්ලෙස් …
හැබයි ප්ලේස් නැහැ කියල දැන් කොල්ලො වගේ යන්නෙ නැහැ..
අනිත් ඈයෝ හයේවා ගහනකොට පිට්ටනියේ පිනුං ගහන්න හරි ඉන්නවා..ක්‍රිකට් වලට යට් පතුලෙන්ම ආදරෙයි…❤..
මහින්ද සර්ට අවුරුදු 16දි වගේ සිගරැට් උරන්න , හොරෙන් කුරුම්බා කඩන්න වගේ නසරානී වැඩවලට අත්පොත් තබල තියෙන්නේ (“ලයියා” කියල කියන, වාසගම ලියනගේ වෙච්ච අයෙක්) 🤪.
සර් එක්කම ධර්මාශෝක පාසලේ ඉගෙන ගත්ත හිතවතෙක්.. මහින්ද සර්ට අදටත් එයා මතක් වෙනකොට කටිං දුම් බෝල යනවා වගේ මෙව්වා ෆීලිං එකක් සමග මහා ගව්රවයක් දැනෙනවලු..😃….
ඔහොම ගිහිං. ..ගොයින් … අපේ සර් ලංකවේ තියෙන ඔක්කොම උපාධි ට්ක පෙරාදෙනියෙන් අරගෙන … නැවතත් බැක් ටු ස්කූල් ධර්මාශෝකෙට ගුරු පත්වීමක් සමග..
ඔන්න අර පරන ක්‍රිකට් මදනය ගහනව පොරගෙ ඔලුවට.. ඉස්සර මුලු පඩ්යම රුපියල් 400ක් වගේ වෙලත්, බිග් මැච් එකේ සීයක් ගහන ඕනම කොල්ලෙක්ට ….එක ලකුනට සත 50 ගානේ දෙනවා…”අය්යෝ සල්ලි”
ඒ විතරක් නෙමේ… පාසලේ හොදින්ම සෙල්ලම් කරන කොල්ලොන්ට තමන්ගෙ අතින් සල්ලි බැදල ” ඕල් බෝයීස්” සංගමයට ගන්නේ එයා හරියට මිලියන පතියෙක් වගේ…😎
ක්‍රිකට් ගේම ගැන පට්ට නෝලේජ් එකක් සර්ට තියෙන්නේ …එක පාරක් ගාල්ලේ ගහපු අන්ඩර් නයින්ටීන් එනටර් ප්‍රොවින්ස් මැච් එකක දම්සෝවේ චතුරාන් සංජීව පලමු ඉනිමේ තාර බිත්තරයක් තමයි ගහන්නේ.. ඒ නිසා චතුරාන් අවුලෙන් ඉන්කොට .
අපේ මහින්ද සර් චතුරාන්ට පොඩ් ටෙක්නිකල් ඇඩ්වයිස් එකක් දෙනව මෙන්න මෙහෙම….
“චතුරාන් උබ ඊලග මාතර ප්‍රොවින්ස් මැච් එකේ බැට් කරන කොට, බැට් එක බිම තියං කොට කොට ඉන්නේ නැතිව බැට් එක ඉනගාවට උස්සගෙනම ඉදල ගහල බලපං මං කිව්වට” ?
ඊලගට ආපු මාතර මැච් එකේ , චතුරාන් සංජීව ඔපනින් ගිහිං 120 නොට් අවුට්…ප්‍රබාත් නිස්සන්කට “ඔන් ද රයිස්” හතරේ ඒවා තොගයක් සමගින්…
චතුරාන් බැට් කරන්න ගිය වෙලාවෙ ඉදල..නොදැවී සීයක් ගහල එනකං…අපේ මහින්ද සර් හිටගෙනම, නොන් ස්ටොප් , ෆුල් චියර් එක…
අන්න අපේ සර්ගේ ක්‍රිකට් කෝච්ං වල ෆයින් ටියුනිං….🏏😎.
තව දවසක් , සිංහ ක්ලබ් ක්‍රිකට් මැච් එකක් ගහනව කලුතර පිසිකල් එකත් එක්ක කලුතර ස්ටේශං පිට්ටනියේ ….අපේ අම්බලන්ගොඩ සිංහ වැඩ දානව කියල ආරංචි වෙලා මහින්ද සර් කලුතරට ඔහුගේ දේවානන්ද මිතුරෙකු වූ “සරත් බෙට්ටා” සමග කෝච්යෙ ෆුට් බෝඩ් එකෙන් ඇවිත් පිට්ටනියේ උස තාප්පෙන් පැනල ග්‍රවුන්ඩ් එකට ගිහිං තියෙන්නේ බඩ පිනුම් වැලක් සමගින්…
ඔය ව්දියටම මාතර උයන්වත්තේ ග්‍රවුන්ඩ් එකෙත් සිංහ ක්‍රිකට් තරගයකදී අපේ “සම්පත් ඒකනායක” එක්ක මහා පිනුම් සංදර්ශනයක් තිබ්බා කියලත් ආරංචියක් තියේ…
“පිනුං අප්පු මහින්ද සර්” 😃
ඉතිං ….
තව මහ ගොඩාක් තියේ මහින්ද සර් ගැන ලියන්න …අපිට තවම මහින්ද සර්ට ඉස්කෝලේ හාමිනේ “ප්ලග් – පොයින්ට් ” උන කොටසට වත් එන්න බැරි උනා… වගේම …ඔහුගේ ශ්‍රී ලංකා ගාලු ක්‍රිකට් පරිපාලන කේෂ්ත්‍රයේ පුනරාගමනයට ලං වෙන්න වත් බැරි උනා..
ආරම්භයක් ව්දියට මේ ඇති !.
ස්තුති ..
🙏
මම , ඩොලී.
අපේ මහින්ද සර්ට ජයම වේවා ….🙏