සත්ව සම් වලින් සෑදූ ලෙදර් වලට ආදේශකයක් ලෙස අන්නාසි පත්‍ර වලින් සෑදූ Piñatex ප්‍රචලිත වෙමින් පවතිනවා. මෙම අන්නාසි ලෙදර් සෑදීම සදහා අමුද්‍රව්‍ය ලෙස අන්නාසි ශාකයේ දිග පත්‍ර, පොලි ලැක්ටික් අම්ලය සහ ඛණිජ තෙල් ආශ්රිත රෙසීන යොදා ගනු ලබයි. Piñatex වාණිජමය වශයෙන් නිෂ්පාදනය කිරීමේ ගෞරවය හිමිවන්නේ ආචාර්ය කාමන් හියෝසා (Dr. Carmen Hijosa) මහත්මියටයි. Piñatex නිෂ්පාදනය හා බෙදාහැරීම සිදුකරන්නේ එතුමියට අයත් Ananas Anam Ltd ආයතනයයි.
අචාර්ය හියෝසා 1990 වසරේදී ලෙදර් පිලිබඳ උපදේශක වරියක් ලෙස පිලිපීනයේ රාජකාරියේ අතරතුර දී පිලිපීන ජාතිකයන් ගේ සාම්ප්‍රදායික ඇදුමක් වන බාරොන්ග් තගලොග් (Barong Tagalog) යන ඇදුම් වර්ගය අන්නාසි ෆයිබර් වලින් සාදා තිබෙනු දැකීමෙන් පසුව පලමුවරට ඇයට මෙය පිලිබඳ අදහසක් පහලවී ඇත. එතැන් පටන් අවුරුදු 7ක් තුලදී ඇයගේ උත්සාහය මල්ඵල දරා Piñatex අද තිබෙන තත්ත්වය කරා දියුණු විය.
අද වන විට Piñatex වලින් සපත්තු , අත් බෑග්, සෙරෙප්පු ආදී සියලුම මාදිලියේ ලෙදර් නිෂ්පාදන සිදු කරනු ලබයි. අන්නාසි පත්‍ර 480 කින් Piñatex ලෙදර් වර්ග මීටර් 1ක් සෑදීමට හැකියාවක් පවතී. එමෙන්ම අපතේ යන සියලුම පත්‍ර කොටස් කොම්පෝස්ට් පොහොර සෑදීමට යොදාගනී. පරිසර හිතකාමී මෙම ව්‍යාපෘතිය නිසා ආචාර්ය හියෝසා සම්මාන රැසකින්ම පිදුම් ලැබීය.
අන්නාසි නෙලාගැනීමෙන් අනතුරුව පත්‍ර විනාශ කිරීම වෙනුවට මෙවැනි ව්‍යාපෘතියකට සැපයීමෙන් අන්නාසි වගාවෙන් අමතර ආදායමක් උපයාගත හැක.මේ වන විට අන්නාසි පත්‍ර සැපයීමේ මූලිකත්වය ගෙන සිටින්නේ පිලිපීනයයි. මෙම ලිපිය කියවන ලාංකීක අන්නාසි ගොවීන් හෝ අන්නාසි පත්‍ර එකතුකර ස්පාඤ්ඤයේ පිහිටි Ananas Anam ආයතනයට අපනයනය කල හැකි අයෙක් වේ නම්
www.ananas-anam.com වෙබ් අඩවිය හරහා ඔවුන් සමග සම්බන්ධ වී ලංකාවට විදේශ විනිමය ගෙන එන සාඩම්බර පුරවැසියකු වන්න උත්සාහයක් දරන්න.
මේ ලිපිය තවත් කාටහරි වැදගත් වේ යැයි හැඟෙන්නේ නම් පිටුවේ තිබියදීම Share කර සහයෝගයක් දක්වන්න.
Asanka Godage © All rights reserved.
@AsankaGodageOfficial