ඇන්ජි නැ…
චන්දි නෑ…
කුසල් ජනිත් නැ…
දනංජය නැ…
මිනෝද් භානුක නෑ…
අකිල නෑ…
ශ්රි ලංකා නැෂනල් ටීම් එකේ ලගින්ම හිටපු මේ කවුරුත් මේ පාර එල් පී එල් එකට නැ…
හැබැයි නැශනල් ටීම් ගහන්න හිතන්නවත් බැරි වයසක සෙට් එකක් ඇතුලේ ඉන්නවා.
ලහිරු ගමගේ , ගිහාන් රූපසිංහ , නලීන් ප්රියදර්ශන , ටී එම් සම්පත් , දිල්ශාන් මුණවීර , මිලින්ද සිරිවර්ධන !!!
අඩු තරමින් අර උඩින්ම කියපු අය පැත්තකින් තියලා රටේ අනාගතය ගැන හරි හිතලා මේ වැඩිහිටි නිවාසේ අය වෙනුවට නිපුන් ධනංජය , ඕෂධ , කසුන් රාජිත , ශිරාන් ප්රනාන්දු , විශ්ව ප්රනාන්දු , සදීර සමරවික්රම , සහන් ආරච්චිගේ , සදුන් වීරක්කොඩි , විකුම් සංජය , ප්රවීන් ජයවික්රම , හිමේෂ් රාමනායක , ලහිරු සමරකෝන් වගේ අලුත් මුහුණු ටිකකටවත් අවස්ථාවක් ලැබුනා නම් ඒක අපේ අනාගතයට හරි වටිනවා.
කොහොම හරි මේකත් ගියපාර වගේම එලොවටත් නැති මෙලොවටත් නැති සෙට් එකක් ආවා.
ඇත්තටම මේ LPL එකට වඩා හොදට මේ පාර ඩයලොග් එකත් එක්ක එකතු වෙලා ශ්රි ලංකා ක්රිකට් එකෙන් කරපු Dialog SLC Invitational T20 ලීග් එක හොදට තිබුනා.
මොනවා කියන්නද ?
මේ ෆ්රැන්චයිස් ක්රිකට්, එයාලගේ සල්ලි. එයාලගේ තේරිම්..
නැති වුනේ මේ ක්රීඩකයින්ගේ දක්ෂතා ලෝකෙට පෙන්නන්න තිබුන අවස්ථාවක් වගේම ප්රේක්ෂකයන් විදිහට අපිට හොද LPL තරගාවලියක් දැක බලා ගැනීමට බැරි වෙන එක.
මේ තරගාවලියෙත් නවකයින් කැපී පෙනෙයි, දක්ෂයින් බිහි වෙයි.
හැබැයි ඒ වගේම ඊටත් වඩා අති දක්ෂයින් පිරිසක් අහක දාලා කරන මේ LPL එක තවත් එක තරගාවලියක් විතරයි.
LPL තරගාවලියක් තමයි. හැබැයි අපේ හොදම LPL තරගාවලිය මේක වෙන්න කවදාවත් බැරි වෙයි.
බර අවි , නව අවි ගෙදර තියලා පුස් වෙඩි වලින් පිරුණු අවි අමෝරාගෙන යන මේ LPL යුද්ධයෙන් අපිට පූර්ණ ජයග්රහණයක් ලබන්න කිසි සේත්ම බැරි වෙයි.
– Rishie Bro විසින් තබන ලද සටහනක් ඇසුරිණි.