120280282_3048643422029197_8176043274854607111_n

හැමෝගෙම දුක අහනවා උබේ දුක කියන් නැද්ද බං🤘

 

මෙන්න මේ ප්‍රශ්නේ දහසක් දෙනා මගෙන් අහන දෙයක්.. පුංචි කතාවක් කියන්නම්,

මම A/L ශාන්ත ආනා විද්‍යාලයට යන කාලේ මම ගැන දන්න Art එකේ ගුරුවරු සහ අපේ සෙට් එක දන්නවා මන් ඉගෙන ගන්න පුලුවන් වුනාට මගේ උනන්දුව පට්ටම බිංදුවයි.. ඒ විතරක් නෙමෙයි හැමවෙලේම පන්තියේ නිදි.. උපාලි සර් හුණු කෑල්ලෙන් බෝඩ් එකේ ලියනවට වඩා කරේ මාව ඇහැරවන්න ඔලුවට දමලා ගහපු එක. ඔව් ඒ තරම් ඉගෙන ගන්න එක එපා මට.. කොහොමහරි අවසන් වාර විභාගෙත් ලොකු ලකුණු නෑ.. හැමෝම කිව්වේ හොදට ඉගෙන ගන්න පුලුවන් එකෙක්, ඒත් නිකන් විනාස වෙනවා කියලා.. ඔන්න ඔහොම කාලෙක මම විභාගෙට මාස තුනක් වගේ තියනකොට ගෙදර යන්න හවස බස් එක ගන්න මඩගල්ල බස් ස්ටෑන්ඩ් එකට යනකොට මම හැමදාම කයියට සෙට් කරගන්න අර මුරුක්කු කඩල එහෙම විකුණන මාමලා කිහිප දෙනෙක් ඉන්නවා.. ඉතින් අපේ පැත්ත ගොඩක් නාගරික නිසා පැයකට පාරක් තමා CTB බස් එකක් තියෙන්නේ.. සීසන් ගිය හින්දා CTB එනකම් ඉන්නවා..

බස් එක ආවට බෑ බස් එක පිරෙනකම් සීසන් අයට බස් එකට නගින්නත් තහනම් හින්දා පැයක් එක හමාරක් බස් stand එකේ ඉන්නවා.. කොහොමහරි දවසක් අර කිව්ව කඩල මාමා කෙනෙක් මට මෙහෙම කියනවා “අඩෙහ් කොල්ලා උඹ දන්නවද අර ලොකු කඩේ අයිතිකාරයා මුලින්ම පටන් ගන්නේ මුට්ට කර ගහලා.. මිනිහ දඩ ගේමක් ගැහුවා අපි වගේ කම්මැලි නෑ.. ඉස්සර අපි තරම්වත් සල්ලි නෑ දැන් සුපිරි සල්ලි කාරයා.. මිනිහා ඒ කාලේ ඉදන් ඕනී රෙද්දකට අත ගහනවා බයක් නෑ සෑහෙන්න දුක් වින්දා අද හොද සැප විදිනවා..” ඔන්න ඔය කතාව මට ඔලුවට සැරටම වදිනවා.. මන් ඕක ඔලුවේ තියාගෙන එදා හිතුවා AL ගොඩ ගිහින් කැම්පස් යනවාමයි කියලා.. ඒ ගැම්මටම මම හොස්ටල් එකට යනවා.. ගිහින් පැය ගණන් පාඩම් කරනවා.. ආතලුත් ගත්තා නැතුව නෙමෙයි.. දවසේ නිදාගත්තේ පැය තුනයි හතරයි… අන්තිම මාස තුනේ ගොඩක් කොල්ලෝ ස්කෝලේ එන්නේ නෑ මම ‍ස්කෝලේ ගියා.. ගුරුවරුන්ගෙන් උපරිම වැඩ ගත්තා.. උපාලි සර්ට,ලොජික් මිස්ට එහෙම දැන් මේ මොකද මට වුනේ කියලා හිතාගන්න බෑ.. අවසානේදී මට වාර විභාගයකදීවත් නොතීබූ result එකකින් මන් exam පාස් වෙනවා.. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ප්‍රවේශය ලැබෙනවා, අර ගුරුවරුන්ටයි යාලුවන්ගේ සපෝට් එකටයි පිං සිද්ධ වෙන්න.. ඒ විතරක් නෙමෙයි මතකද අර කඩල මාමා අර කඩේ අයිතිකාරයගේ කාපු කට්ට කිව්වා, සරලවම කිව්වොත් ඒ මනුස්සයගේ දුක කිව්වා.. අන්න ඒ දුක අහලා මට හම්බුන මොරාල් එකට පිං සිද්ධ වෙන්න මම AAB එකක් ගන්නවා..

ඔව් මගේ ලයිෆ් එක වෙනස් වුනේ සහ මම කොළඹට ඇවිත් පුංචියට හෝ කරන මේ වැඩේට මොරාල් එක ආවේ ඒ දුක අහලා.. ඔන්න ඕකයි මගේ ජීවිතේ දුකක් අහලා වෙනස් වුන විදිය..

තව පුංචි දෙයක් කියන්නම්.. කොළඹ ආව මම මුලින්ම කරේ හාඩ්වෙයාර් එකක යකඩ උස්සපු එක..ඒ කාලේ යකඩ වලට කැපිලා ගිය මගේ අත තමා ඔය.. ඔව් පට දුකක් වින්දා.. ඒ වින්ද දුකේ ප්‍රථිපලය තමා ඊට එහා පසින් තියන මගේ 3zero Studio එක..අනුන්ගේ දුක අහපන් ආතල් එකට නෙමෙයි ගන්න ඕනී දේවල් ටික අරගෙන උබේ ජීවිතේටත් යමක් එකතු කරගන්න.. උඩ කිව්ව මගේ දුකත් කැමති කෙනෙක් ජීවිතේට මොරාල් එකක් ගන්න..🤘💪

 

මම අවිශ්ක විරාජ් කෝණාර

About The Author

Leave a Reply