– උං යක්කු 3වෙනි කොටස් –
“සර් අපි චුට්ටක් බලමු හොස්පිට්ල් එකට යවපු ටීම් එක එනකන්”
ඒ සහකාර පොලිස් අදිකාරීවරයාය.
” එහේ ගියානං මේ මිනිස්සු නෝට් එකක් දාල යන්නෙපැයි.එකෙකුට අමතක උනා කියමු හතරදෙනාටම” ?”
“අනික පැමිණිල්ලක් ලියාගත්තෙත් නැතිව මුං කොහේ මකබෑ උනාද ?”
පොලිස් ජීප් රතයක් පොලිස් ස්තානයට ඇතුල් වූයේ මේ අවස්තාවේය.මානසික රෝහලට ගිය පොලිස් කන්ඩායම බාරව ගිය උපපොලිස් පරීක්ශකවරයා නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉදිරියට වාර්තා කලේය.
” මොකක්ද වෙලා තියෙන්නේ”
” සර් ඊයේ මෙන්ටල් හොස්පිට්ල් එකෙන් එහෙම ලෙඩෙක් පැනලා ගිහිල්ලා නැහැ ”
” අනික හොස්පිට්ල් එකෙන් කිසිම ටීම් එකක් මෙහෙට එවලත් නැහැ”
” මෙහෙට ආපු අය දීල තියන ඩීටෙයිල්ස් ඔක්කොම බොරු ඒවා.”
“බොරු කිව්වට බොරුමත් නෙමෙයි”
” ඔය ලෙඩාගේ නම තියන ලෙඩෙක් නම් හොස්පිට්ල් එකේ ඉඳලම නැහැ”
“හැබැයි නර්සුයි අනෙක් ආපු සාත්තු සේවිකාවො දෙන්නම හොස්පිට්ල් එකේ කලින් ඉඳපු අය”
“කලින් ඉඳපු අය කිව්වේ ?”
“ඔව් සර් කලින් ඉඳපු කිව්වේ ඒ තුන්දෙනාම මීට අවුරුදු අටකට කලින් සුනාමියෙන් නැති වෙච්ච අය”
සැබවින්ම සුනාමි ව්‍යවසනයෙන් යටකී මානසික රෝහලට දැඩි හානි සිදුවී තිබිනි.ඉහත කී කාර්ය මණ්ඩලයේ තිදෙනා පමණක් නොව තවත් රෝගීන් හා කාර්යමණ්ඩලයේ කිහිප දෙනෙකුටම ඒ මහා ව්‍යසනයෙන් තම දිවි අහිමි වීය.මේලියැවිල්ල කියවන බොහෝ දෙනෙකුට මෙම මානසික රෝහල කුමක්දැයි සිහියට නගාගත හැකි වේයයි සිතමි.
” අනෙක සර් ලෙඩා ගෙනිහිපු ඇම්බියුලන්ස් එකේ අංකය විදියට දීපු අංකයට අදාල ඇම්බියුලන්ස් එකක් ඇත්තටම හොස්පිට්ල් එකේ තියනවා ”
” හැබැයි ඒකත් සුනාමියට අහු වෙච්ච එකක්.ඊට පස්සේ හදලම නෑ.ඒක ඊයේ රෑ ආවා කියන එක වෙන්නම බැරි දෙයක්.මොකද වාහනේ මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා ඒක හොස්පිට්ල් යාඩ් එකේ දිරන වාහනයක්.”
“වැදගත්ම කාරණාව සර් ඊයේ රෑ මානසික ලෙඩෙක් සම්බන්ද කිසිම රේඩියෝ මැසේජ් එකක් ඒ එස් පී ඔෆ්ෆිස් එකෙන් ගහල නෑ.”
“මම ඩබල් චෙක් කලා අනිත් අපේ කිසිම ස්ටේශන් එකකට එහෙම මැසේජ් එකක් ඇහිලා නෑ”
” හැබැයි මෙහේ ඊයේ රෑ ඉඳපු හැමෝටම විශ්වාසයි එයාලට ලැබිච්ච පණිවිඩේ ගැන”
” එතකොට මේක මාර පටලැවිල්ලක්නේ මනුස්සයෝ”
“මේක යට අපි හිතනවට වඩා ලොකු දෙයක් තියනවා.”
” මට දැං අපේ හතර දෙනාගේ ජීවිත ගැන සැකයි.මේක මහ භයානක සෙල්ලමක්”
” මොකෙක් හරි කාලකණ්නියෙක් හරි කාලකණ්නි සෙට් එකක් හරි පොලීසිය එක්ක සෙල්ලම් කරනවා වගෙයි”
” සර් ”
එවර හඬ අවදි කලේ සහකාර පොලිස් අදිකාරීවරයා සමග පැමිණි එම කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිළදාරියෙකි.
” මේ ලෙඩාගේ නම විදියට දීලා තියන නම මට හොඳට මතකයි”
“මොකක්ද නම ?”
“දිසානායක ගමගේ සුරංගි පූර්ණිකා”
“මේ නමින් අපේ ඔෆිස් එකේ ක්ලෝස් නොකරපු කේස් ෆයිල් එකක් තියනවා.මේක ඒ දවස් වල SI රණසිංහ හැන්ඩ්ල් කරපු කේස් එකක්.”
” මේ කෙල්ල නිදහස් වෙලද කලාපේ ඉඳල අතුරුදහන් වෙච්ච කෙල්ලෙක්”
” දවස් තුනක් මේ කෙල්ල අතුරුදහන් වෙලා හිටියා.”
” දෙයියනේ සර් මේ කෙල්ලට මෙන්ටල් හොස්පිට්ල් එකත් එක්කත් සම්බන්දයක් තියනවා”
” මොකක්ද ඒ ,දැම්ම කවුරු හරි යවන්න ඊට අදාල ෆයිල්ස් ඔක්කොම ගේන්වන්න”
” සර් මේ කෙල්ල දවසක් වැඩ ඇරිල යද්දි එකපාර අතුරුදහන් වෙනවා”
” හරියටම සුනාමියට දවස් හතරකට කලින්”
” ඊට දවස් තුනකට පස්සේ ආයෙත් මේයා හම්බ වෙනවා.ඇඳුම් ඉරාගෙන තුවාල වෙලා ඒ හම්බවෙද්දිත් සිහි මද ගතියෙන් හිටියේ.”
” ඒ හම්බ වෙන්නෙත් ලෙඩෙක්ව නැශනල් හොස්පිට්ල් එකට ඇඩ්මිට් කරලා ආපහු යන මෙන්ටල් හොස්පිට්ල් එකේ ඇම්බියුලන්ස් එකකට.මහ රෑක.පාරේ ඉබාගාතේ ඇවිද ඇවිද ඉද්දි”
“එයාල මේ ගෑනු ලමයව එයාලගේ හොස්පිට්ල් එකට ගෙනිහිං තියනවා ”
” එදා රෑම මේ ගැන පොලිසියට පැමිණිල්ලක් ආවා.පොලීසියෙන් රෑම ගෑණු ලමයගෙන් කට උත්තර ගත්තා.පොලීසියට මේ ගෑනු ලමයා නම් කීපයක් දීල තියනවා.එක්කෙනෙක් උපාලි දර්මසිරි”
“අර උපසබාපති උන්නැහේ නේද ? ”
” ඔව් එයා තමයි.අනිකා නලින් ෆැෂන් මුදලාලිගේ පුතා.නලින් චින්තක”
” කියාගෙන යමු ඔහොම”.
” තව දෙන්නෙක්ගේ නම් දීල තිබ්බා මට ඒනම් දැන් මතක නෑ. ෆයිල් එකේ ඇති මේ කෙල්ල යාලුවෙලා ඉඳල තියෙන්නේ ඔය නලින් කියන හාදය එක්ක.
” එදා රෑ ඒ කෙල්ලට කියන්න පුලුවන්කම තිබිල තියෙන්නේ ඔය ටික විතරයි.හොස්පිට්ල් එකෙන් කිවුව විදියට එයාව මත් කරල තිබිල තියෙන්නේ.හිරකරං ඉඳපු තැන ගැන හරි මතකයක් තිබිල නෑ.”
” කොහොම හරි රෑම අපේ අයත් මෙන්ටල් හොස්පිට්ල් එකේ අයත් මැදිහත්වෙලා ඒ ගෑනුලමයව හොස්පිට්ල් ඇඩ්මිට් කරා.ඔය කට උත්තරේ ගත්තෙත් ඩොක්ටර්ස්ලගේ අකමැත්තෙන්.”
“එදා රෑම SI රණසිංහ නලින්වයි ධර්මසිරිවයි ගන්න ගියා.හැබැයි උන් දෙන්න අහු උනේ නෑ.”
“වැඩේ පහුවෙනිදට කල්ගියා”
“ඊට පහුවෙනිද උදේ ආයෙත් එයාලව හොයන්නයි අර ගෑනු ලමයගෙන් විස්තර ගන්නයි රණසිංහ මහත්තය හිතං ඉන්න ඇති.”
“හැබැයි ඒ වැඩේ කරන්න උනේ නෑ”
” ඊට පහුවෙනිදා සුනාමිය ඇවිත් මුලු රටම හෝදගෙන ගියා”
“පොලීසියත් සෑහෙන ප්රශ්නගොඩක පැටලුනා”
” රණසිංහ මහත්මයා ආයේ කෙල්ලගෙන් කට උත්තරයක් ගන්න හොස්පිට්ල් එකට යනකොට කෙල්ල හොස්පිට්ල් එකේ හිටියේ නෑ”
” එයාට මොකද උනේ කියල කියන්න හොස්පිට්ල් එකේ කාටවත්ම හැකියාවක් තිබ්බෙත් නෑ.”
” මොකද සුනාමිය නිසා අනතුරු වෙච්ච අයගෙනුයි මලමිනීවලිනුයි මුලු හොස්පිට්ල් එකම එකම යුද්ද පිටියක් වෙලා තිබ්බේ.
Si රණසිංහ ඒක ගැන සෑහෙන කණගාටුවෙන් හිටියේ.එයා තමන්ටම දොස් කියා ගත්තා.කෙල්ලට ආරක්ශාවක් නොදීපු එකට.”
” සුනාමියෙන් නැති වෙච්ච ජීවිත මහගොඩක් එක්ක හැමෝටම මේ කෙල්ලගේ ජීවිතෙත් තව එක ජීවිතයක් වෙලා තිබ්බේ.හැමෝටම ඒක අමතක වෙලා ගියා.හැබැයි රණසිංහ මහත්මයා ඒක පස්සේ දිගටම පැන්නුවා.එයා දර්මසිරිවයි නලීන්වයි අතඩංගුවට අරං උසාවි දැම්මා.හැබැයි කිසිම සාක්ශියක් නැති කමින් එයාලව ලේසියෙන් නිදහස් උනා.”
” රණසිංහ මහත්මයා කලකිරීමෙන් හිටියේ පස්සේ මේ හේතුවෙන්මද මන්දා එයාටහ් උඩහට ට්‍රාන්සර් යන්න උනා”
” මේ කේස් එක නිකම්ම වැහුණා.හැබැයි ක්ලෝස් කලේ නෑ.ඒක එහෙමමතිබුණා.”
අර කෙල්ල ජීවතුන් අතරද නැත්ද කියල කවදාවත් හොයා ගන්න බැරිඋනා”
“මේක මාර සංකීර්ණ ප්‍රශ්නයක්නේ අයිසේ.දැං මේකට අපේ මිනිස්සු හතර දෙනෙකුත් පටලැවිලා.”
“දැං මෙහෙම කරන්න ”
“අපේ අයව හොයන්න තව එකතැනක් ඉතුරු වෙලා තියනවා”
” අර කෙල්ල ඊයේ කියපු ෆැක්ට්‍රි එක”
” අපේ ටීම් එකක් එතනට යවන්න.”
” අර ෆයිල් එකා ආපු ගමන් ඒකේ නම් තියන හැමෝවම අරගන්න තව ටීම් එකක් යවන්න”
“ඉක්මන් කරන්න ”
“මම මෙතනම ඉන්නවා මේක ඉවරයක් වෙනකන්.මේක අදම ඉවරයක් කරන්න”
” ඊයේ මෙතනට ඇවිත් විහිලු කරල ගියේ මොක්කුංද කියල අරුංව ගත්තාම අපි හොයා ගමු.”
” අයිසේ තව එකක් ?”
“තමුසේ කොහොමද මේකේස් එක ගැන ඔය ෆයිල් එක ගැන ඔච්චර විස්තර දන්නේ ?”
” මම සර් ඒකාලේ රණසිංහ මහත්තයගේටීම් එකේ හිටියේ ”
නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විධානය වහා ක්රියාත්මකබ වූයේ පොලිස් කන්ඩායම් දෙකක් වහ වහා තේ කර්මාන්තශාලාව පරීක්ශා කිරීමටත් නම් සඳහන් සැකකරුවන් අතඩංගුවට ගැනීමටත් පිටත්ව ගියෝය.,
මේ අතර තේ කර්මාන්තශාලා බිමෙන් වහ වහා මහාමාර්ගයට පැනගත් සාජන් වන්නිනායක ඇතුලු පොලිස් පිරිස මාර්ගයේ කුලීරතයක් නවත්වා ගත්තේ පරීක්ශක රණසිංහ සොයා ගමන් ගත්තේය.
මුලින්ම පොලීසියට යාමට අදහස් කලත් පසුව කාරණයේ හදිසි අවශ්‍යයතාව මත පරීක්ශකවරයා ලබාදුන් ලිපිනය ඔස්සේ ඔහු සොයා යාම සාජන්වරයාගේ අදහස වීය.
අවසානයේ මදක් සොයාබැලීමෙනනතුරුව ලිපිනය සොයාගත්තේ නගරයෙන් මදක් ඈතට වන්නට ගම්මානයක පිහිටි තරමක් හුදකලා පැරණි පන්නයේ නිවසක් අසල රතය නතර විය.
ගේට්ටුව වෙනුවට කඩුල්ලක් තිබුනෙන් එයින් ඇතුල් වූ පොලිස් පිරිසට මුණ ගැසුනේ වයස අවුරුදු හැත්තෑවක් පමණ වූ මහලු මාතාවකි.
ඇයගේ කන් ඇසීම දුර්වල බව සාජන්වරයාට අවබෝද වූයේ පරීක්ශක රණසිංහ පිළිඹඳ කිහිපවතාවක් විමසුවත් පිලිතුරක් නොවූ තැනයි.
අවසානයේ පොලිස් පිරිසගේ හඬ ඇසී මැදි වියට එලෙඹින් සිටිතැයි විශ්වාස කල හැකි කාන්තාවක් නිවසින් පිටතට පැමිණියාය.අතීතයේදී හොඳ රූ සපුවකින් යුතු වුනු බවට සළකුණු තවමත් ඇගේ වුවනේ වීනමුත් දැන් නම් අටොරාශියක් දුක් කම්කටොලු විඳින බවට සලකුණුද ඇගේ මුහුණෙ වීය”
” මේ IP රණසිංහ මහත්මයගේ ගෙදරද ?”
” ඔව් මේ මහත්වරු එන්න ඇතුලට ”
” එතකොට මේ…”
” මම එයාගේ වයිෆ්”
” ආහ මහත්තය කියන්නැති සමහරවිට අපි ඒවි කියල”
සාජන් වරයා එසේ කීවේ රණසිංහ මහත්මිය එක්වරම තමන් ඇතුලු පිරිසට නිවස තුලට ආරාදනා කිරීම නිසාය.
රණසිංහ මහත්තයා ගාව තියෙන්නේ ඔක්කොම පරණ දේවල්නේ සාජන් වරයා එසේ සිතුවේ රණසිංහ මහත්මිය දෙස බලාගෙනය.ඔහුට එවෙලේත් පෙරදා රැයේ මෙන් රණසිංහ මහතා සතුවතිබූ පැරණි පන්නයේ ආම්පන්න සිහි වීය.
දැන් ඔහුගේ බිරිඳද ඔහුට වඩා තරමක් වයසකින් යුක්ත බව පෙනෙයි.ඔහු තවමත් තරුණය.
” කෝ මිස් සර් නැද්ද ?”
” මහත්තුරු වාඩිවෙන්නකෝ මම බොන්න දෙයක් හදන්නම් ඔය මහත්තුරුන්ට ගොඩක් මහන්සි පාටයි.”
” මහන්සිනම් තමයි මිස් ඒත් ගොඩාක් වැදගත් කාරණාවකට අපිට අයි පී මහත්තය හම්බ වෙන්න ඕන”
ඇය එවදන් ගනන් නොගෙන මහලු මාතාව අසලට ගියේ ..
” අම්මා මේ මහත්වරු පොලීසියෙන්.අම්මා යමු කාමරේට ”
යැයි පවසා ඇය නිවස තුලට රැගෙන ගියාය.
ඉන් පසු ස්වල්ප වේලාවකින් ඇය නැවත පැමිණියේ ශීත කරන ලද බීම වීදුරු කීපයක් සමගිනි.
එය පිළිගැන්වීමෙන් අනතුරුව ඇයද පොලිස් පිරිසට සම්මුඛව අසුනකට බර වූවාය.
” එහෙනම් මේ මහත්වරුන්ට එයාව හමු උණා? ”
” ඔව් ඒයේ රෑ පුරාම අපි හිටියේ වැදගත් පරීක්ශනයක.සර් තව වැඩකටයුතු කීපයකට එතනින් ගියා.අපිට එන්න කියලදීලගිය ඇඩ්රස් එක තමයි මේ”
” සර් තාම ගෙදර ආවෙ නැද්ද මිස් ?”
” නෑ එයා ආවා.මම ඔය මහත්වරු බලාපොරොත්තුවෙන් හිටියේ ”
“ඔය මහත්වරුන්ට කියන්න මට දිග කතාවක් තියනවා.ඊට කලින් ඔය මහත්වරු ආවේ ඇයි කියලා මට කියන්න පුලුවන්ද ?”
සාජන් වරයාගේ සිතට සියුම් කෝපයක් නැගුණු මුත් ඔහු එය මුහුණින් ප්‍රකාශ කලේ නැත.
ඒ වෙනුවට ඔහු ඒයේ රාත්රියේසිදු වූ සිද්දි දාමයේ සිට අද මේ නිවසට පැමිණීම දක්වා සියල්ල විස්තර කලේය.
” හොඳයි මම කියන්නම් මට කියන්න තියන දේ,සමහරවිට මේ විස්තර මහත්වරුන්ට ගොඩාක් වැදගත් වෙයි.මම දන්නවා ඔය මහත්වරු ඉන්නේ ගොඩාක්ම හදිස්සියෙන්.ඒත් මේ කතාව අහන්න ඕනමයි.”
” අනික ඒ ගෑනු ලමයා අවුරුදු අටක් බලාගෙන හිටියා එතනට වෙලා.තව මිනිත්තු විස්සක් බලාගෙන ඉන්න බැරි කමක් නැති වෙයි.”
ඔය කියනගෑනු ළමයගේ සිද්දිය රණේගේ හිත බොහොම සසල කරපු සිද්දියක්.එයා තමයි ඔය ගැනු ළමයා අතුරු දහන් වෙච්ච කාලේ ඒ පරීක්ශණය බාරව හිටියේ.”
” කවදාවත් රාජකාරියේ කිසිම දෙයක් ගැන ගෙදර ඇවිත් විස්තර කියන්නේ නැති රණේ ඔය විස්තරේ විතරක් නිතරම කතා කලා.එයා ඒ ලමය ගැන දුක්වුනා.ඒක පටන් ගත්තේ මෙහෙමයි”
ඉන්පසු ඇය පොලිස් පිරිස හා පවසා සිටියේ පොලිස් නිළදාරියෙක් නියෝජ්‍ය පොලිස්පතිවරයා හා විස්තරකරන ලදුව අප ඇසූ ඒ කතාවමය.
” සුනාමිය ඇවිත් ඔක්කොම කණපිට ගැහුණා.රණේට ට විතරක් නෙමෙයි මුලු පොලීසියටම වැඩ වැඩි උනා.ආයේ ඉස්පාසුවක් ලැබුනු හැටියේ ඒ ලමයා හොයාගෙන රණේ යනකොට ඒ ගෑනු ලමයා ආයෙත් අතුරුදහන් වෙලා තිබ්බා.වෙච්ච කරදර ඔක්කොම අස්සේ එයා සෑහෙන්න උත්සහ කලා ඒ ළමයව හොයන්න.නමුත් ප්‍රතිපලයක් ලැබුනේ නෑ.එයා ඒ ගෑණු ලමයා නම් දීපු මිනිස්සුව උසාවි අරං ගියා.ඒත් කිසිම සාක්ශියක් නැති කමින් ඒ අය නිදහස් උනා.”
” රණේ ගොඩාක්ම කම්පා උනේ ඒ ගෑනු ළමයගේ අම්මා දුවව හොයාගෙන පොලීසියට ආපු දවසේ.මොකද දවස් ගනනක් අතුරුදහන් වෙලා තිබ්බ තමන්ගේ දුවව ආයේ හමූ උණා කියලා පොලීසියෙන් එදා රෑම පණිවිඩේ ගෙදරට දීල තිබුණා.”
” ඒත් රටේ වෙච්ච කරදර එක්ක මේ පලාත්වලට යන්න එන්න ප්‍රවාහන පහසුකම්හරි ගිය ගමන් ඒ අම්මා බොහොම සන්තෝසෙන් තමන්ගේ එකම දරුවා බලන්න ආවාම එයා ආයේ අතුරුදහන් වෙලා තිබ්බා.”
” ඒ අම්මට ඒ ඇත්ත දරාගන්න බැරි උනා.එයාගේ ඔලුව අවුල් උනා.හැමදාම රෑ කොහේ හරි බස් නැවතුමක නතර වුනු එයා උදේ පාන්දර පොලීසිය ඉස්සරහට යන්න පටන් ගත්තා”
” රණේට මේක බලා ඉන්න බැරි උනා.තමන්ට මේ ලෝකේ තිබ්බ එකම පිළිසරණ නැති වෙච්ච ඒ අම්මා ගැන එයා මාත් එක්ක කතා කලා.අපි දෙන්නගෙම කැමැත්තෙන් ඒ අම්මව අපේ ගෙදරට අරගෙන ආවා.”
” ඔය මහත්තයලට ඉස්සරහට හම්බ උනේ ඒ අම්මා තමයි.”
” රනේ දිගටම හෙව්වා.සැක කරන මිනිස්සු පස්සේ පොලීසියෙන් දැම්මා.කරන කියන දේවල් ගැන හෙව්වා.අන්තිමට උතුරට ට්‍රාන්සර් එක එනකම්ම එයා ඒ පස්සේ ගියා.”
“රණේ උං ගැන හොයන බව උනුත් දැනගෙන හිටියා.එතන එකෙක් ඒ දවස්වල දේශපාලන හයිරක්කාරකම් තියන එකෙක්.අනිකා සල්ලි උඩ පීනන එකෙක්.අනිත් දෙන්නා පාතාලේ එවුං.මම හිතන විදියට රණේට ට්‍රාන්සර් යන්න උනෙත් උං නිසාම තමයි.
” උං දස අතේ දිවුරල තිබ්බා රණේ මරනවමයි කියලා.එයා ඒ බව මා එක්ක කිව්වේ හිනා වෙවී.එයා යකෙක්ටවත් බය ඇති මිනිහෙක් නෙමෙයි”
“උතුරට ට්‍රාන්සර් යන එකට මං අකමැතිම උනා.ඒත් එයා කිව්වේ මට කොහෙත් එකයි යසෝ කියල විතරයි.”
“මට අමතක උනා මම යශෝදා”
” රණේ දිගටම කිව්වේ අර කෙල්ලට සාදාරණයක් කරන්න මට බැරි උනා කියලා.උං ඒකිව හප කරල තිබ්බ යසෝ …එයා මාත් එක්ක එහෙම කිව්වා .අම්මව දකින දකින වාරයක් පාසා එයා හිතින් සමාව ගත්තා.”
පොලීසියට ඒ ගෑනු ලමයා අතුරුදහන් වූ කෙනෙක් විතරක් උනාට රණේ විශ්වාසකලේම නෑ එයා ජීවතුන් අතර ඇතිකියලා”
දැන් ඔය මහත්වරුන්ගේ කතාව ඇහුවාම ඒ විශ්වාසේ හරි කියලා තේරෙනවා.
අනෙක්පැත්තෙන් බැලුවාම ඒ ලමයට සාදාරණයක් උනේ නෑ.ඒයා කාත් කවුරුවත් නොදන්න තැනක වැලලුණා.අන්තෙටම දුක් විඳලා.
“එයාට යුක්තිය ඉශ්ටවෙයි කියලා බලාගෙන ඉඳලා ඉඳලා අන්තිමටම එයාට හිතෙන්න ඇති උත්සාහ කරල බලන්න”
” සුනාමියෙන් අතුරුදහන් වෙච්ච මිනිස්සුන්ගේ ලයිස්තුව ඇතුලේ තමන්ගේ නමත් අතුරුදහන් වෙනවා ඒ ලමයට බලා ඉන්න බැරි වෙන්න ඇති”
” එතකොට මේ මිස් කියන්නේ ඒ ආවේ…”
“ඔව් එයා තමයි.ඒක ෆොටෝ එක දැක්ක වෙලාවේ මහත්තයටම ඒක පැහැදිලි උනානේ”
මෙහිදී සාජන් වරයා සිහිසුන් නොවුනා පමණි.අද මේ අසන්නට දකින්නට ලැබෙන සියල්ල අභ්ව්ය සිදුවීම්ය.සාමාන්‍ය සමාජය කිසිසේත් මේවා විශ්වාස නොකරනු ඇත.මේ මියගියා යැයි මේ කියන තරුණිය ඊයේ මද්යම රාත්‍රියේ තමන් ඉදිරියට ආවා නොවේද ?”
මිස් මොනවද මේ කියන්නේ ”
” ඒක වෙන්න බැරි දෙයක්”
” මම දන්නවා මහත්වරු මේක විශ්වාස කරන්නේ නැති බව.ඒත් මට හිතෙන්නේ ඒක උනේ එහෙමම තමයි”
” හරි මිස් දැං සර් කෝ කියන්නකෝ ”
“එයා ආයේ කවදාවත් එන එකක් නෑ මහත්මයා.එයා යුක්තිය ඉශ්ට කරල ඉවරයි.දැන් තියෙන්නේ ඔය මහත්තුරුන්ගේ වාරේ ”
මේ මනුස්සයා ඔල්මාද දොඩෝනවා සාජන් වරයාට එසේ සිතුණි.
අනේ මිස් ඇත්තටම අපිට පරක්කුයි.මේ ඇහෙන දේවල් තේරුම් ගන්න පොලීසියේ වෙලා අපිටත් බෑ.ඒකයි මේවා ලිහා ගන්න සර්ම හොයන්නේ.සර් කීයටද එන්නේ කියන්න”
” එයා ඉන්නේ එලියේ. ඔය මහත්වරු මගෙත් එක්ක පොඩ්ඩක් එලියට යමු.”
” අන්න අතන එයා ඉන්නවා ඇය පැවසුවේ නිවසින් මදක් ඈතට වන්නට පිහිටි අරලිය ගස් කිහිපය දෙසට අත දිගු කොටය”
පොලිස් පිරිස වහ වහා එතැනට ගමන් ගත්තේ දුටු දෙයින් ඔවුනට කෑ ගැසිණි.
එහි වූ අරලිය ගස් කිහිපය යට වූ සොහොන් කොත එමතට වැටුනු සඳ එලියෙන් දිලිසෙමින් තිබිනි.
“පොලිස් පරීක්ශක විපුල් ශ්‍රීනාත් රණසිංහ”
එහි වූ පාශාණය මත කැටයම් කර ඇත.
මෙවෙලේ පහනක් රැගෙන පැමිණි රණසිංහ මහත්මිය එය සොහොන් කොත මත දැල්වූවාය..
” අද රණේ වෙනුවෙන් පහනක් පත්තු වෙන්නම ඕන දවසක්”
” රණේ ට්‍රාන්සර් ගියේ සුනාමියෙන් මාස කීපයක් ගත උනාට පස්සේ .දවසක් මහ මූසල හැන්දෑවක ඒ පණිවිඩේ මට ආවා.මගේ රණේට පිහියෙන් ඇනලා මරලා”
” එයා එලියේ ඩියුටි හිටිය වෙලාවක මේ දේ වෙලා තිබ්බේ”
“ත්‍රස්තවාදී ප්‍රහාරයක්.එයාල කිව්වේ එහෙමයි”
” ඒත් මං අදටත් විශ්වාස කරනවා ඒක උනේ එහෙම නෙමෙයි.මහත්තයල ඔය පන්නන්නේ කෙල්ලෙක් විතරක් මරපු උංගේ පාරේ නෙමෙයි”
” ඔය මහත්වරු විස්වාස කලත් නොකලත් ඒ ගෑනු ළමයට යුක්තිය ඉශ්ට උණා.මගේ රණේ අන්තිමේදි දිනුවා.”
” එයා විතරක් නෙමෙයි ඔයගොල්ලොත් ඒකට හවුල් උනා.ඔය හැමෝටම පිං.”
” රණේ අද පාන්දර හීනෙන් මගේ ලඟට ආවා.මං ඒක කලා යසෝ.අපි දිනුවා.අම්මව බලාගන්න.ඒ ගොල්ලො අද ඔයාව හොයාගෙන එයි යසෝ”
” එයා අන්තිමට මගේ ඔලුව අතගාලා එහෙම කියල හිනා වෙලා යන්න ගියා”
” මේ පිනම ඇති එයාට නිවන් දකින්න”
” මම පොලීසියට ටෙලිෆෝන් කලා.ඒයාලා ගිනිරාමෙට ඔය මහත්වරුන්ව හොයනවා.තව ටිකකින් එයාලා එයි ඔයාලව එක්කං යන්න”
ඉනික්බිතිව සියල්ලවේගයෙන් සිදුවූයේය.සැක කරුවන් අතඩංගුවට ගැනීමට ගිය පොළිස් කණ්ඩායම පැය කිහිපයක් ඇතුලත ඔවුන් සිව් දෙනාම අත් අඩංගුවට ගත්තේ පොලීසියට ගෙන එනු ලැබීය.
තේ කර්මාන්තශාලා පරිශ්‍රයට ගිය පොලිස් කණ්ඩායමට සාජන් වන්නිනායක ඇතුලු පිරිස විසින් සොයාගත් සාක්ශි හමුවූයේ එවේලේම පරීක්ශණ ආරම්බ කරනු කෙරිණි.
අවසානයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉදිරිපිටම ප්රශ්නකරනු ලදුව එතෙක් සොයා ගත නොහැකි වූ තරුණිය ඝාතනයට යොදාගත් තියුණු ආයුදයත් , තවත් ආයුධ කිහිපයකුත්, සඟවා ඇති තැන් පෙන්වා දීම සඳහා ඔවුන් හා විශේශ පොලිස් කණ්ඩායමක් රැගත් ජීප් රියක් මද්යම රාත්‍රියේම තේ කර්මාන්තශාලා පරිශ්‍රය දෙසට ඉගිල යනු දක්නා ලැබීණි.
ඉන් දින කීපයකට පසු එළඹි දිනයක මියගිය තරුණියගේ අවශේශ දේහ කොටස් ගෞරවාන්විතව නැවත මිහිදන් කෙරුණේ කිහිපදෙනෙකුගේ පමණක් සහබාගීත්වයෙනි.
සාජන් වන්නිනායක හා රණසිංහ මහත්මිය විසින් ඇය මිහිදන් වූ වල දෙපස පහන් දෙකක් දැල් වූවෝය.
සුනාමි ව්‍යවසනයට හරියටම අටවර්ශයක් පූර්ණ වූ එදින එම පොදු සුසාන භූමියේ මිහිදන් වූ බොහෝ දෙනා වෙනුවෙන් පහන් දැල්විණි.
සුරංගි පූර්ණිකා නම් වූ ඇය නිදන සොහොන් කොතට මදක් ඈතටවන්නට වූ හෙදියකගේත් සාත්තු සේවිකාවන් කිහිපදෙනෙකුගේත් රියදුරෙකුගේත් සොහොහොන් කොත් මත දැල්වූ පහන්සිළු වඩා දීප්තිමත්ව දැල්වෙනු විශේශයෙන් කිසිවෙකුගේත් ඇස ගැටුනේ නැත.
නිමි.
✍️ ගගන් කුමාර ගුණරියන.