අද දිනයේ පාර්ලිමේන්තුවේ විරෝධතාවයක යෙදී සිටින සජබේ මන්ත්රීන් හමුවට ගිය අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔවුන් සමග සුහද කථා බහක නිරත වී විරෝධතා පිළිබඳව තම මතකයන් අලුත් කර විරෝධතා සදහා මීට වඩා මන්ත්රිවරුන් සහභාගි කර ගන්නා ලෙස සහ ඔවුන්ගේ විරෝධතාවල ඇති අඩුපාඩුද පෙන්නා දුන් අතර ඒ සිදුවීම පිළිබඳව මුහුණු පොතේ සටහනක් ද තබා ඇත .
එම සටහන පහතින්
විරෝධතාවේ නිරත විරුද්ධ පක්ෂ මන්ත්රී හමුව
ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු පරිශ්ර පිවිසුමේ විරෝධතාවක නිරත වූ සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන් හමුවට ගොස් අද (06) පෙරවරුවේ ඔවුන් සමඟ සුහද කතාබහක නිරත වුණෙමි.
විරෝධතාවක් සංවිධානය කිරීමේ දී මීට වඩා වැඩි මන්ත්රීවරු පිරිසක් සහභාගී කර ගත යුතු යැයි මම එහිදී සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන්ට පැවසුවෙමි.
විවිධ වකවානුවල මා සමඟ දේශපාලන සටන්වලට එක්වූ මන්ත්රීවරුන් සමග අතීතයේ මෙවැනි සටන්වල නිරත වූ ආකාරය ද සිහිපත් කරමින් එතැනින් නික්ම ආවෙම්.
සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන් වන රාජිත සේනාරත්න, ඉමිතියාස් බාකිර් මාකර්, පාඨලී චම්පික රණවක යන මහත්වරු ඇතුළු මන්ත්රී පිරිසක් සමඟ මෙලෙස සුහද කතා බහක නිරත වුණෙම්.