වසරකට පෙර කහවත්තෙන් හමුවූ කිලෝ 510 ක ‘‘බ්ලූ සැපයර් (කොරන්ඩම්)” ඝනයට අයත් මැණික් පොකුර ලොව විශාලම ගල බවට අර්ථ දැක්වෙද්දී එවැනි ගල් ඕනෑ තරම් තිබෙන බවත් ඒවා දොරට බර තැබීමට වත් සුදුසු නැති බවටත් විවිධ විග්රහ එළිදුටුවේය. එසේ මත පලකළ බොහෝ අය ගල සියැසින් දැක තිබුණේ නැතිවා සේම මැණික් විශේෂඥයන් වූයේ ද නැත.
එහෙත් රටේ වාසනාවට එම ගල ලැබී තිබුණේ ජපුර සරසවියේ ව්‍යාපාර කළමනාකරණය හා ගණකාධිකරණය හැදෑරූ උගත්කමක් සහිත අමරසිරි ගමගේ මහතා ප්රමුඛ පවුලටය. ඔහුගේ පුත්‍රයා ද ඔස්ටේ්රලියාවේ එඩිත්කෝවන් සරසවියේ මුදල් හා ගිණුම්කරණය ගැන ඉහළ අධ්‍යාපනයක් ලැබූ බුද්ධිමත් තරුණයකු වන නිසා ගැරහුම් මැද වුවද ගල ලෝකයට ගෙනයෑමේ වගකීම කරට ගත්තහ.
ඔහු නමින් අශාන් ගමගේය.
ගමගේ පවුල දකුණේ ගාල්ලේ අක්මුල් සහිත අය නිසාදෝ අභියෝග භාරගැනීම ලේ වලම තිබූ පිරිසකි. ඔවුන් සාම්ප්‍රදායික භාරහාර පමණක් නොව විද්‍යාත්මකව ගලේ වටිනාකම සොයාගැනීමට ද යොමු වූහ. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහාය ද ඔවුන්ට නොමඳව ලැබිණ.
අශාන් මුලින්ම කළේ ලොයිඞ් සමාගමට අනුබද්ධ බි්රන්ක්ස් හරහා ගල රක්ෂණය කොට එය විශේෂ වීදුරු පෙට්ටියක අසුරා ප්‍රවාහනය ගැන විශේෂඥ සමාගමකට භාරදීමය. ගල ලොව ප්‍රමුඛතම මැණික් පරීක්ෂණාගාරය වන ස්විස් හි ‘‘ගුබ්ලින්” වෙත ගෙනයෑම එහි අරමුණ විය. එහිදී මසක් පුරා ජාත්‍යන්තර භූ විද්‍යාඥයන්ගේ දැඩි පරීක්ෂාවකින් පසුව වාර්තා 02 ක් එළිදුටුවේය.
එම වාර්තාවලින් කියවුණේ මෙම මැණික් පොකුර ලොව අති විශේෂ වූ දුර්ලභ මැණික් පාෂාණයක් බවය. ලොව මෙතෙක් හමුනොවූ ක්‍රිස්ටල් මැණික් පොකුරක් බවට ද විග්රහ විය. ගල අභ්‍යන්තරය ඉතා ඉහළ හා සජීවී තත්ත්වයේ පවතින නිල් මැණික් ස්වභාවය තහවුරු වන බවද ඉන් කියවින. එම දැවැන්ත ජයග්රහණයෙන් පසු අශාන් ගමගේ සිදුකළේ මැණික ස්විස් හි සූරිච් ගුවන් තොටුපළේ විශේෂ ආරක්ෂිත කුටියක තැන්පත් කිරීමය. ඔහුගේ ඊළඟ පිම්ම වූයේ ගිනස් ලෝක වාර්තාවක් සඳහා යොමුවීමය. එය ලෙහෙසි පිම්මක් නොවන බව දැන සිටියද ඔහු ආපසු හැරුණේ නැත.
ලන්ඩනයේ ගිනස් මූලස්ථානයට ගල ගැන වාර්තා කළවිට ගල පරීක්ෂාව සඳහා සපිරිය යුතු කොන්දේසි මාලාව අශාන් අතට පත්කළේය. එය විශාල ග්රන්ථයක් තරම් විය. ඊළඟ දැවැන්තම අභියෝගය වූයේ සූරිච් වැනි ලොව කාර්යබහුලම ජාත්‍යන්තර ගුවන්තොටුපළකදී මෙය කළ හැකි ද යන්නය. අශාන් සිය බුද්ධිය, උපාය උපක්‍රම හා ධෛර්ය තුළ සියලූ අභියෝග ජය ගනිමින් ගුවන් තොටුපළ බලධාරීන්ගේ අවසරය ලබා ගැනීමට සමත් විය. ගුවන් තොටකදී ගිනස් මෙහෙයුමක් දියත් වූ මුල්ම අවස්ථාව ලෙස ද එය ලෝක ඉතිහාසයට එක්වේ.
ආකර්ශනීය ගුබ්ලින් රසායනාගාර වාර්තාවට අමතරව ගිනස් ආයතනය ඉල්ලූ නිර්දේශ එකිනෙක ඔප්පු කිරීමට අවශ්‍ය වටපිටාව අශාන් ගමගේ සකස් කළේය. ‘‘නිව්යෝර්ක් ටයිම්ස්” හා BBC ඇතුළු ලොව ප්රමුඛ ජාතික හා ජාත්‍යන්තර ජනමාධ්‍ය රැසක් එම මැණික් පොකුර ගැන පළකොට තිබූ පුවත්පත් රූපවාහිනි හා සමාජ මාධ්‍යවල පිටපත් ද ඉදිරිපත් කෙරිණ. ගල පරීක්ෂාවට මාස 03 ක් පුරා ආගිය ගිනස් නිලධාරීන් විමසන ප්‍රශ්නවලට පිළිතුරු දී පහදාදීමට ස්විස් ඇමෙරිකාව ජර්මනිය හා ඉතාලි භූ විද්‍යාඥයන් ද ඉදිරිපත් කෙරිණ. තවද ජාත්‍යන්තරව මෙවැනි භාරදූර කටයුතු සඳහා මැදිහත්වන සාක්ෂිකරුවන් ද ඉදිරිපත් කළ යුතුව තිබිණ. ඒ සඳහා විවිධ රටවලින් වෛද්‍යවරු ඉංජිනේරුවන් නීතඥයන් සරසවි ඇදුරන් ගෙන ඒමට ද අශාන් ක්‍රියා කළේය. එකී සියලූ දෙනාට ගුවන් ටිකට් හෝටල් පහසුකම් හා ඉහළ ගෙවීම් කිරීමට ද සිදු විය.
අශාන් ගමගේ හිරවූයේ එතනදීය. ඔහු ශ්‍රී ලංකා මහබැංකුව සමඟ සාකච්ඡා කොට මුදල් ගෙනයෑමට උත්සාහ කළ ද පවතින විදෙස් විනිමය ගැටලූව තුළ ඊට අනුමැතිය හිමිවූයේ නැත. රාජ්‍ය තාන්ත්‍රික හා දේශපාලන මැදිහත්වීම් පවා නිසි ප්‍රතිළුල ගෙන දුන්නේ නැත.
එහෙත් ‘‘කෙක්කෙන් බැරිනම් කොක්කෙන්” යන දකුණේ උපහැරණය මත පිහිටා අශාන් වැඬේ අතහැරියේ නැත. ඔහුගේ වැඩිමල් සොයුරිය ප්‍රියංකා ගමගේ ඔස්ටේ්රලියාවේ පදිංචි බැරිස්ටර්වරියකි. ඇය විවාහවී සිටින්නේ රත්නපුර උපන් රොෂ් ජාලග්ගේ (Rosh Jalagge) සමගය. රොෂ් යනු ව්‍යාපාර කළමනාකරණය හා ගණකාධිරණ ඉහළ උපාධි ලබා පර්ත් නුවර ව්‍යාපාර ලෝකයේ වැජඹෙන බිලියනපතියෙකි. බටහිර ඔස්ටේ්රලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල්වරයා ද ඔහුය. හැකි සෑම විටම අනුන්ට උපකාර කරන්නෙක් ලෙස ද රොෂ් ප්රකටය. අශාන් සිය ගැටලූව රොෂ් මස්සිනාට හා ප්‍රියංකා අක්කාට ඉදිරිපත් කළේ ඒ අවස්ථාවේ තිබූ හොඳම විකල්පය එය බැවිනි. ඔවුන් ඊට ඉතා කැමැත්තෙන් උරදුන්නේ ශ්‍රී ලංකාවේ ද වාසනාවට ය. ඒ තුළ මෙතෙක් මෙහෙයුමට රුපියල් දස ලක්ෂ 35 කට අධික දැවැන්ත මුදලක් රොෂ් – ප්‍රියංකා ඇතුළු ගමගේ පවුල මේ සඳහා වැයකොට තිබේ.
අනතුරුව සියල්ල පියවරෙන් පියවර නිවැරදිව ඉදිරියට ගෙන යෑමට අශාන් සමත් වූ අතර ගිනස් ආයතනය ඉල්ලා සිටි සියලූ දත්ත හා සහතික ද ඉදිරිපත් කිරීම තුළ ලොව විශාලම හා වටිනාම මැණික් පොකුර ලෙස ‘‘කහවත්තේ ගලට” ගිනස් ලෝක වාර්තාව හිමිවිය. එය ගමගේ පවුල පමණක් නොව ශ්‍රී ලංකාව ද ලැබූ දැවැන්ත හා ඓතිහාසික විජයග්‍රහණයකි. ගැරහුම් අවමන් මැද නොවටිනා බව කී මැණික් පොකුරු ගල ගිනස් ලෝක වාර්තාවක් දක්වා කරතබා ගෙන ගිය අශාන් ගමගේ මෙරට තරුණ ප්‍රජාවට ද පරමාදර්ශී චරිතයක් බවට පත්ව ඇත්තේ එහෙයිනි.
මෙම දැවැන්ත ජයග්රහණයෙන් පසු අප අශාන් සමග කතාබහ කළෙමු. ‘‘මේ අසීරු ගමන තාම ඉවර නෑ. මැරතන් එකක් වගේ හෙමින් දුවන තරමට ජයග්‍රහණ වැඩියි. ගුබ්ලින් රසායනාගාර පරීක්ෂාවෙන් තහවුරු වුණේ ඇ`ගිලි සලකුණු මිනිසාගෙන් මිනිසාට වෙනස් වෙනවා සේ මැණික් පොකුරුවල සංයුතියත් එකිනෙකට වෙනස් බවයි. ඒ නිසා අපේ ගලට ලැබුණු වටිනාකම තවත් ගලකට ලබා ගැනීමට නම් ඒ පොකුර වෙනම පරීක්ෂාවකට ලක්කළ යුතු බවයි. අපේ ගලට දැන් වටිනාකම විද්‍යාත්මකවම තක්සේරුවී හමාරයි. තවද අප ලැබූ ගිනස් වාර්තාව යනු යළි වෙනස් නොවන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් වැනි ස්ථිර එකක්” අශාන් කීය.
‘‘තව සුළු දෙයක් කියන්න ඕනෑ මේ රටේ පියා හා සහෝදරයන් මරලා රජකම ගත් විකෘති මනස් සහිත මිනිසුන් ඉඳල තියෙනවා. 1505 දී ගාල්ලෙන් ලංකාවට ආ පෘතුගීසීන්ට අමතරව ලන්දේසි හා ඉංග්‍රීසීනුත් 1948 දක්වා වසර 443 ක් ලංකාව පාළනය කළ නිසා ඔවුන්ගේ ජානත් අපට ලැබිලා ඇති. එම විකෘති ජාන හරහා හොඳ දේ මෙන්ම ඉරිසියාව කුහකකම කකුලෙන් ඇඳීම ඇන්දිලි වැනි පහත් ජානත් ලාංකිකයන්ට ලැබිලා ඇති. අපේ ගලට මුලදී එල්ල වුණෙත් එවැනි ජාන විකෘති අයගේ ප්‍රහාර බව මගේ හැඟීමයි. ඒත් හිත හොඳින් කරන ඕනම දෙයක් හරියනවා. සත්‍ය කවදා හෝ ජය ගන්නවා. මම රටට ඔප්පු කළේ එයයි.” අශාන් ගමගේ ලාංකීය සමාජය ගැන කළ ගැඹුරු විග්‍රහයක් ද සමඟින් සිය හඬට තිත තැබීය. ඔහු වැනි ධෛර්ය සම්පන්න උගත් තරුණයන්ට දිරිදීම හා අනුගමනය කිරීම ලාංකීය සමාජ වගකීම බව ඔහු විසින්ම රටට ඔප්පු කොට හමාරය.
අශෝක ජයතුංග විසිනි
උපුටා ගැනීම:
දිවයින ඉරිදා සංග්‍රහය
2022 මාර්තු 06 වෙනිදා