1649922659712

ඉන්ධන බවුසර් සඟවා කෘතිම ඉන්ධන හිඟයක් මවමින් ජනතාව අපහසුතාවයට පත් කිරීමට ඉන්ධන පිරවුම්හල් අයිතිකරුවන් ක්‍රියා කොට ඇතැයි මේ පසුගිය දින කිහිපයේම කල වැටලීම් වලින් සොයාගෙන ඇත.

එහිදී සමගි ජන බලවේගයේ ගාල්ල සංවිධායක හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතාට අයත් තෙල් පිරවුම් හල් දෙකෙන් තවලම පිරවුම් හල වත ඊයේ දහවල් රැගෙන ආ පෙට්‍රල් ලීටර් 13,000ක් අඩංගු බවුසරය ඔහුගේ තේ කර්මාන්ත ශාලාවේ සඟවා තිබියදී පරීක්ශන ආරම්භ වීම නිසා රාත්‍රී පිරවුම් හල වෙත ගෙනවිත් ඇති බවට අනාවරණය විය. ඒත් සමගම ක්‍රියාත්මක වූ බලධාරීන් ඊයේ රාත්‍රී පිරවුම් හලට සීල් තබා ඇති අතර මේ වන විට ඒ සම්බන්ධයෙන් පරීක්ශන ආරම්භ කර ඇත..

කෙසේ වෙතත් මෙවැනි සිද්ධි කිහිපයක්ම මේ වන විට හෙළිදරව් වී ඇති අතර එවැනි ක්‍රියා සිදුකල ශෙඩ් අයිතිකරුවන් කිහිපදෙනෙකුගේම විස්තර පොලිසිය විසින් අදාල නීතිය ක්‍රියාත්මක කොට මාධ්‍ය වෙත හෙළිදරව් කිරීමට නියමිත බවටත් වාර්තා වෙනවා..

About The Author

Leave a Reply