IMG-20220612-WA0000

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති අවසන් තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී ලබා ගත් ලකුණු 176 ට පිළිතුරු වශයෙන්  තරගය ජය ගැනීම සදහා ලකුණු 177ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ශ්‍රී ලංකා ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 108 දී බිද වැටුණු අතර අනතුරුව 7 වැනි කඩුල්ල සදහා දසුන් හා චාමික කරුණාරත්න අතරේ පන්දු 25කින් වාර්තා වූ නොබිදුණු සබදතාවය ලකුණු 69ක්.දසුන් ලබා ගත් ලකුණු 54ට හයේ පහර 4ක් හා හතරේ පහර 5ක් ඇතුළත්. චාමික නොදැවී ලකුණු 14(10)යි.

තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පන්දු 18 තුළදී ලකුණු 59ක් අවශ්‍ය වූ පසුබිමකයි දසුන් ශානක හා චාමික කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට සමත් වුණේ.

About The Author

Leave a Reply