wp-1606143283381

Hoenix Dactylifera යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන රට ඉඳි කියන්නේ ලෝකයේ විවිධ රටවල බහුලව ආහාරයට ගනු ලබන රසවත් පලතුරක් කිව්වොත් නිවැරදිය. මේවා කළු, තද දුඹුරු, රතු වර්ණයේ සිට දීප්තිමත් කහ පැහැය දක්වා විවිධ වර්ණයන්ගෙන් දැකගන්නට පුළුවන්.ඒ වගේම රට ඉඳි වල මේදය,කැල්සියම්, සල්ෆර්, යකඩ, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම්, සින්ක් යනාදී සියළුම ඛනිජ ලවණ, විටමින් සහ කෙදි වලින් රට ඉඳි පරිපූර්ණ බැවින් බොහොමයක් ලෙඩ රෝග සමනය කිරීම සඳහා ද එය උපකාරී වේ. ඇත්ත වශයෙන්ම රට ඉඳි මෙවැනි පෝෂණ ගුණ රැසකින් සහ ඖෂධිය ගුණයන්ගෙන් ද සමන්විත බැවින් පලතුරක් වශයෙන් මෙන්ම ඔසුවක් වශයෙන් ද එය හඳුන්වන්නට පුළුවන්. ඉතින් රට ඉඳි වලට ආයුර්වේදයේ දී හිමිවන්නෙත් සුවිශේෂි ස්ථානයක්.

අතීතයේ පටන් මුස්ලිම් ජනතාව සාම්ප්‍රදානුකූලව රාමදාන් මාසය තුළ උපවාසය බිඳ දැමීමට යොදා ගන්නේ අතිශයින්ම පෝෂ්‍යදායක ආහාරයක් ලෙස පිළිගැනෙන ඉදුණු රටඉඳියි. එයට හේතු ලෙස දැන ගන්නට ලැබෙන්නේ බොහෝ වේලාවක් බඩගින්නේ සිට ආහාර ගත් විට එය ශරීර සෞඛ්‍යයට අහිතකර විය හැකි බැවින් එම තත්වය සමනය කිරීමට ඉක්මනින් බඩ පුරවන ආහාරයක් වන රට ඉඳි උපකාරී වන බවයි.ඊට අමතරව රට ඉඳි වල දැකගත හැකි තවත් විශේෂත්වයක් වන්නේ සූප ශාස්ත්‍ර භාවිතයන් රැසක් පැවතීමයි. ඒවා යෝගට්,ස්මූති,කිරි,පාන් හෝ බටර්,කේක් වැනි ඕනෑම දෙයක් සමඟ ආහාරයට ගන්නත් ඔබට පුළුවන්.එමඟින් ලැබෙන ප්‍රතිලාභ ද රැසකි.

ඉතින් මෙතරම් ඉහළ ගුණ රැසක් සපිරි රට ඉඳි භාවිතයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ බොහො වේ.

1.ඔබේ සම පිරිසිදු කර පැහැපත් කරයි

රට ඉඳි මඟින් සමේ පැහැය වැඩි දියුණු කළ හැකි අතර එය සම පිරිසිදු කිරීම සඳහා ඇති හොඳම පිළියමකි.
පැන්තොතනික් අම්ලය බහුල බැවින් මේවා නිතර ආහාරයට ගැනීමෙන් සම ශක්තිමත් කර සම මෘදු ලෙස තබා ගැනීමට ඔබට හැකියාව ලැබේ.

2.බ්ලැක් හෙඩ්ස් වලට ප්‍රතිකාර කරයි

රටඉඳි වල අඩංගු විටමින් A සමේ ගැටළු වලට සහ සමේ මැරුණු සෛල ඉවත් කිරීමට උපකාරී වේ .
එමඟින් කළු ලප වලට ප්‍රතිකාර කරන අතර සෞඛ්‍ය සම්පන්න සහ දිදුලන සමක් ලබා ගැනීමට ඔබට හැකිය.

3.සමේ ඇති කැසීම් සමනය කරයි

මදුරුවන් වැනි සතුන් දෂ්ට කිරීම හේතුවෙන් ඇතිවන කැසීම් සමනය කිරීමට රට ඉඳි උපකාරී වේ.
එවැනි සමේ ගැටළු වලින් මිදීම සඳහා බලපෑමට ලක් වූ ප්‍රදේශයට රට ඉඳි, දෙහි යුෂ සහ දොඩම් යුෂ මිශ්‍ර කර ආලේප කරන්න.

4.හිරු එළියෙන් පිළිස්සුණු සම සුවපත් කරයි

ඉඳි වල ඇති පෝෂ්‍ය පදාර්ථ හිරු එළියෙන් පිළිස්සුණු සමට සහනයක් ලබා දේ.එසේම රට ඉඳි වල අඩංගු ප්‍රතිඔක්සිකාරක පාරජම්බුල කිරණ වලින්
ඔබේ සම ආරක්ෂා කරයි.

5.කුරුලෑ ඉවත් කරයි

කුරුලෑ ඇති වීම වැළැක්වීමට උපකාරී වන විටමින් B ප්‍රභවයන් රට ඉඳි වල අඩංගු වේ.
එබැවින් මීපැණි සමඟ කලවම් කළ රට ඉඳි භාවිතා කිරීමෙන් කුරුලෑ කැළැල් සැලකිය යුතු ලෙස අඩු කළ හැකිය.
එපමණක් නොව කුරුලෑ ඇතිවීමට තුඩු දෙන සියලුම සමේ ආසාදන වලක්වා ගත හැකි ප්‍රෝටීන් සහ ප්‍රතිඔක්සිකාරක ද රට ඉඳි වල අඩංගු වේ.
එමඟින් සෞඛ්‍ය සම්පන්න දිදුලන සමක් ඔබට ලබා ගත හැකිය.

6.වියළි තොල් වලට ප්‍රතිකාර කරයි

රට ඉඳි වල විටමින් A අඩංගු වන අතර එය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට සහ තොල් වියළි විය හැකි විෂ, දූෂක සහ ආසාදන වලින්
තොල් ආරක්ෂා කිරීමට උපකාරී වේ. එබැවින් ඔබ නිතර රට ඉඳි ආහාරයට ගැනීමෙන් තොල් වියළි වීම සමනය කළ හැකිය.

7.ඔබේ සම සජලීයව තබා ගනී

රට ඉඳි පේස්ට් එකක් ලෙස සකස් කර සම මත කෙලින්ම ආලේප කළ හැකිය.
මෙය සමේ තෙතමනය රඳවා තබා ගැනීම සඳහා ස්වාභාවික මොයිස්චරයිසර් එකක් ලෙස ක්‍රියා කරයි.

8.හිසකෙස් වල පරිමාව වැඩි කරයි

රට ඉඳි වල අඩංගු විටමින් C කෙස් කළඹ ශක්තිමත් කිරීමට හා එහි පරිමාව වැඩි කිරීමට ප්‍රයෝජනවත් වේ.මේ සඳහා රට ඉඳි කිහිපයක් ගෙන වතුරට දමා එක් රැයක් හොඳින් පොඟවා ගන්න.එය අඹරා සිහින් පේස්ට් එකක් සාදා එයට බිත්තර සුදු මදයක් එකතු කරන්න.
දැන් එය හිස්කබලේ සහ හිසකෙස් වල ආලේප කර ටික වේලාවක් තබා සාමාන්‍ය ජලයෙන් සෝදා ගන්න.

9.හිසකෙස් වල ඇති අතිරික්ත තෙල් ඉවත් කරයි

ඔබේ හිසට ජොජෝබා තෙල්, රට ඉඳි තෙල් සහ ඔලිව් තෙල් මිශ්‍ර කර භාවිතා කරන්න.
මෙය ඔබේ හිස කෙස් මූල සජලීයව තබා ගැනීමට උපකාරී වේ.පැයකට පසු සේදීමෙන් අතිරික්ත තෙල් ප්‍රමාණය සේදීම සහතික කෙරේ.
මසකට වරක් මෙම උණුසුම් තෙල් ප්‍රතිකාරය භාවිතා කිරීමෙන් හිස කෙස් පෝෂණය කර තෙල් සහිත හිසකෙස් වලට ප්‍රතිකාර කළ හැකිය.

10.රුධිර සීනි නියාමනය කරයි

මෙම පැණිරස රසැති රට ඉඳි දියවැඩියා රෝගීන්ට ගුණදායක වේ.ෆෘක්ටෝස්, ග්ලූකෝස් සහ සුක්‍රෝස් වැනි ස්වාභාවික සීනි එහි අඩංගු වන නමුත් එය රුධිරයේ සීනි මට්ටම ඉහළ නංවන්නේ නැත. ( නමුත් අධිකව ආහාරයට ගැනීමෙන් වළකින්න.)

11.මලබද්ධය සමනය කරයි

බඩවැල් චලනය සුමට හා සෞඛ්‍ය සම්පන්නව තබා ගත හැකි ස්වාභාවික විරේචක ගුණය රටඉඳි වල ඇත .එපමණක් නොව මලබද්ධය ඇති කරන බැක්ටීරියා විනාශ කිරීමට සහ ආපසු සෞඛ්‍යය යථා තත්ත්වයටපත් කිරීමට රට ඉඳි උපකාරී වේ.

12.උළුක්කු හා තැලීම් සමනය කරයි

රට ඉඳි තෙල් යනු උළුක්කු වේදනාව සහ දැවිල්ල සමනය කිරීම සඳහා භාවිතා කරන ස්වාභාවික පිළියමකි.එහි ඇති සුව ගුණය වේදනාව සහ ඉදිමීම අඩු කර ගැනීමට පේශි, සන්ධි සහ පටක ලිහිල් කරයි.

13.රක්තවාතයේ රෝග ලක්ෂණ සමනය කරයි

රක්තවාතය හේතුවෙන් අපහසුතාවයට පත් වන විට එය සමනය කර ගැනීමට විටමින් C භාවිතය වැඩි කිරීම සහ යූරික් අම්ලය
අඩු කිරීම ඉතා වැදගත් වේ. රට ඉඳි වල විටමින් C අඩංගු බැවින් රක්තවාතය සමනය කර ගැනීමට ඒවා ආහාරයට
ගැනීම ඉතා වැදගත් වේ.

14.හිසරදය සමනය කරයි

ඔබට හිසරදයක් ඇති වූ විට රට ඉඳි ස්වල්පයක් ආහාරයට ගන්න. ඒවා ස්වාභාවික පිළියමක් සහ සෞඛ්‍ය සම්පන්න විකල්පයකි.

15.අක්ෂි සෞඛ්‍යය වැඩි දියුණු කරයි

රට ඉඳි වල විටමින් A අඩංගු වන අතර එය අක්ෂි සෞඛ්‍යය පාලනය කිරීමට සහ අක්ෂි දුර්වලතා වැළැක්වීමට උපකාරී වේ. විටමින් A හි ඌනතාවය හේතුවෙන් අක්ෂි ආබාධ, අන්ධභාවය, ඇස් පෙනීම අඩු වීම වැනි දේ ඇති විය හැකි බැවින් ඔබේ ආහාර වේලට රට ඉඳි ඇතුළත් කර ගැනීමට කටයුතු කරන්න.

16.ඔබේ අස්ථි සෞඛ්‍යය වැඩි දියුණු කරයි

රට ඉඳි කැල්සියම්, මැන්ගනීස්, තඹ සහ සෙලේනියම් වලින් පොහොසත් බැවින් සෞඛ්‍ය සම්පන්න සහ ශක්තිමත් අස්ථි ප්‍රවර්ධනය කිරීමට එය උපකාරී වේ.
එය අස්ථි දුර්වල වීමේ ගැටලුවෙන් අස්ථි ආරක්ෂා කරයි.එසේම එය අස්ථි ශක්තිමත් කිරීමට සහ ඔස්ටියෝ ආතරයිටිස්,
ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග ඇති වීමේ අවදානම අවම කිරීමට උපකාරී වේ.

17.ධමනි සෞඛ්‍ය වැඩි දියුණු කරයි

හෘද වාහිනී රෝග ඇති වීමේ අවදානම අවම කර ඔබේ හදවත ආරක්ෂා කිරීමට රට ඉඳි උපකාරී වේ.

18.සුව නින්දක් ලබා දෙයි

රට ඉඳි වල ට්‍රිප්ටෝෆාන් අඩංගු බැවින් එයසුව නින්දක් ලබා ගැනීමට උපකාරී වේ.තවද වේගයෙන් ක්‍රියා කරන කාබෝහයිඩ්‍රේට් ද එහි අඩංගු වන අතර එමඟින් ට්‍රිප්ටෝෆාන් ක්‍රියාත්මක වීමට සහ නිදිමත ඇති කිරීමට හේතු වේ.ඉතින් වෙහෙසට පත් නොවී නින්දට යාම සඳහා නින්දට පැයකට පෙර
රට ඉඳි කිහිපයක් පරිභෝජනය කරන්න.

19.නියපොතු දිලීර සුව කරයි

රට ඉඳි වල ක්ෂුද්‍ර ජීවී නාශක ගුණ අඩංගු වන අතර එමඟින් නියපොතු දිලීර වැනි සමේ ආසාදන වලට ප්‍රතිකාර කරයි. එසේම එය ස්වාභාවික විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරන අතර මේ සඳහා රටඉඳි තෙල් සහ දොඩම් තෙල් මිශ්‍රණයක කපු බෝලයක් පොඟවා ගන්න. බලපෑමට ලක් වූ ප්‍රදේශය මත එය ආලේප කරන්න.එය ස්වභාවිකව වියළීමට ඉඩ දෙන්න.

20.පිළිකා නාශක ගුණ ඇත

උදර පිළිකා ඇති විමේ අවදානම අඩු කිරීමට රට ඉඳි මඟින් හැකි බව අධ්‍යයනයන් පෙන්වා දී ඇත.
ආමාශ පිළිකාවට, ඩිම්බ කෝෂ පිළිකාවට, බඩවැලේ පිළිකාවට, අග්න්‍යාශයික පිළිකාවට සහ වකුගඩු පිළිකාවට ප්‍රතිකාර කිරීමට උපකාරී වන පිළිකා නාශක ගුණය එහි ඇත.

රට ඉඳි සතුව ප්‍රතිලාභ රැසක් ඇති බව දැන් ඔබට පැහැදිලිය.ඉතින් ඔබත් මෙම වියළි රසවත් පලතුරු ඔබේ දෛනික ආහාර වේලට ඇතුළත් කර ඉහත ප්‍රතිලාභ අත්විඳින්න.
නමුත් ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගැනීමෙන් වළකින්න.

About The Author

Leave a Reply