ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පවත්වනු ලබන ටෙස්ට් තරඟාවලියේ ප්‍රථම තරඟයේ පාකිස්ථාන පිල ලකුණු 218 කට සීමා වෙනවා.පාකිස්ථාන පිල 218 කට සීමා කිරීමේදී ශ්‍රී ලංකා පිලේ දඟ පන්ඳු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ලකුණු 82 කට කඩුළු 5 ක් බිඳ හෙලනු ලබනවා.ප්‍රභාත් ජයසූරිය මේ සමඟම සිය ප්‍රථම ඉනිම් 3 තුලඳී අඛණ්ඩව කඩුළු 5 ක් හෝ ඊට වඩා බිඳ දැමූ ලොව තුන්වන ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොත් අතරට එකතු වෙනවා.
වසර 145 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල මෙවැනි දස්කමක් මීට ප්‍රථමව වාර්තා කොට තිබෙන්නෙ ක්‍රීඩකයන් තිදෙනෙක් පමණයි.ඉන් පළමු වැන්නා වූයේ එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩාකල වේගපන්දු යවන ක්‍රීඩක “ටොම් රිචඩ්සන්” ය.ඔහු 1893 වසරේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව මැන්චෙස්ටර් හී පැවති තරඟයේදී ප්‍රථම ඉනිමේදී ලකුණු 49 කඩුලු 5 ක්,දෙවෙනි ඉනිමේදී ලකුණු 107 කට කඩුලු 5 ක් සහ සිඩ්නි හී පැවති තරඟයේදී ලකුණු 181 කට කඩුලු 5 ක් බිඳහෙලමින් මේ දස්කම දක්වන අතර දෙවැන්නා වූ ඕස්ට්‍රේලියාව බිහිකල දඟ පන්ඳු යවන්නෙකු වූ “ක්ලෑරී ග්‍රිමට්” 1925 වසරේදී එංගලන්තයට එරෙහිව සිඩ්නි හි පැවති තරඟයේදී ප්‍රථම ඉනිමේදී ලකුණු 45 කට කඩුලු 5 ක් දෙවෙනි ඉනිමේදී ලකුණු 37 කට කඩුලු 6 ක් සහ පසුව එංගලන්තයේ ලීඩ්ස් හී 1926 වසරේදී පවත්වන ලද තරඟයේ ප්‍රථම ඉනිමේදී ලකුණු 88 කට කඩුලු 5 ක් වශයෙන් බිඳහෙලමින් මෙම වාර්තාව පිහිටුවා ඇත. ඒ අනුව මේ ලැයිස්තුවට එකතුවූ තුන්වෙනි ක්‍රීඩකයා ලෙසට ප්‍රභාත් ජයසූරිය එක් වන්නේ ග්‍රිමට් මෙම දස්කම සිදුකොට වසර 97 කට පසුවය.
යම්හෙයකින් ප්‍රභාත් ජයසූරිය විසින් අද දින කඩුළු 6 ක් බිඳ දැමුවානම් එවැනි දස්කමක් සිය මුල් ඉනිම් තුන තුල සිදු කල ලොව පළමු ක්‍රීඩකයා වන්නට ඔහුට හැකියාව තිබිණි.පාකිස්ථාන කණ්ඩායමේ කඩුළු 07 ක් ලකුණු 87 කට දැවී ගොස් තිබෙන විට ඔහු එම කඩුලු 07 න් කඩුලු 05 ක්ම බිඳ හෙලා එම වාර්තාව දෑස මානයේ තබාගෙන සිටි නමුත් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා පන්දු රකින්නන් උඩපන්දු කිහිපයක් අතහැරීම හේතුවෙන් ඔහුට එම ලෝකවාර්තාව අභියසටම පැමිණ ආපසු හැරෙන්නට සිදුවිය.එම වාර්තාව අභියසටම පැමිණ හැරෙන්නට සිදුවුවත් සිය ප්‍රථම ඉනිම් 03 තුල වැඩිම කඩුළු ලාභියා යන වාර්තාව කඩුළු 17 ක් බිඳහෙලමින් තමා සතු කරගන්නට ප්‍රභාත් ජයසූරියට මේ වන විට හැකියාව ලැබී ඇත.
යම් ලෙසකින් පාකිස්ථාන දෙවෙනි ඉනිමේදි නැවත වතාවක් කඩුළු 5 ක් දවාගැනීමට ප්‍රභාත් ජයසූරියට හැකියාව ලැබුනහොත් ඔහු එවැන්නක් කල ලොව ප්‍රථමයා ලෙසින් ලෝක වාර්තා පොත් අතරට එකතු වනු ඇත.දඟපන්දු යවන්නන්ගේ පාරාදීසයක් වන සහ සිව්වන ඉනිමේදී දඟපන්දු යවන්නන්ටම ගැලපෙන ලෙසින් හැසිරෙන්නාවූ ගාල්ල වැනි ක්‍රිකට් පිටියක ප්‍රභාත් හට තවත් කඩුළු 5 ක් දවාගෑනීම එතරම් අපහසු කටයුත්තක් නොවනු ඇත.
අප බලා සිටිමු.
මිගාර සමරකෝන් ගේ සටහනක්