පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පිරිමි මිටර 100 ඉසව්වේ අවසන් තරගයේදී තත්පර 10.14කට තරඟය නිම කරමින් තෙවන ස්ථානය හිමි කර ගනිමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් වුණා.
එහිදී තත්පර 10.02කින් තරගය අවසන් කළ කෙන්යාවේ Ferdinand OMANYALA විසින් රන් පදක්කම දිනා ගත් අතර තත්පර 10.13කින් තරගය අවසන් කළ දකුණු අප්‍රිකාවේ Akani SIMBINE රිදී පදක්කම දිනා ගත්තා.
මීට ප්‍රථම 1950 දී ඩන්කන් වයිට් ද, 1998 දී ශ්‍රීයාණී කුලවංශ හා සුගත් තිලකරත්න ද පොදු රද මඩල තරඟ බිමේදී ලංකාව වෙනුවෙන් මලල ක්‍රීඩා සඳහා පදක්කම් දිනා ඇත.
#yupunabeykoon #CWG2022