
විද්‍යුත් ත්‍රීරෝද රථ ලියාපදිංචි කිරීමට ප්‍රතිපාද සැලසීම සඳහා මෝටර් වාහන පනත සංශෝධනයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වෙයි. ඒ සඳහා අදාළ යෝජනාව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත සිදුකර ඇත.
විවිධ පාර්ශව විසින් ෆොසිල ඉන්ධන භාවිතයෙන් තොරව විද්‍යුත් ශක්තිය භාවිතයෙන් ධාවනය වන වාහන ප්‍රචලිත කිරීමේ අරමුණින් විද්‍යුත් ත්‍රීරෝද රථ ශ්‍රී ලංකාව තුළ භාවිතය සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇත.
ඒ අනුව ඊට අවශ්‍ය ප්‍රතිපාදන මෝටර් වාහන පනතේ නොමැති බැවින් එම පනත මෙලෙස සංශෝධනය කර විද්‍යුත් ත්‍රීරෝද රථ ලියාපදිංචි කිරීමට ඉඩ ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.