ටෙනිස් ලොවේ දිදුලන තරුවක් වන සෙරීනා විලියම්ස් ටෙනිස් ක්රීඩාවෙන් ඉවත්ව යන බව පවසයි.
ග්රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23ක් දිනාගෙන ඇති සෙරීනා, විවෘත ටෙනිස් තරගාවලි (කාන්තා කේවල) වලදී වැඩිම ප්රමාණයක් දිනාගත් කාන්තාව ලෙස ඉතිහාසගත වී තිබේ. කෙසේවෙතත් පසුගිය ජුනි මස එංගලන්තයේදී පැවැති විම්බල්ඩන් ටෙනිස් ශුරතා තරගාවලියේ මූලික වටයේ තරගයකින් ප්රංශ ක්රීඩිකාවක් වන හර්මනි ටෑන් හමුවේ තරග වට 3-0ක අනපේක්ෂිත පරාජයකට මුහුණදීමට සෙරීනාට සිදු විය. එම පරාජයත් සමඟින් 7 වරක් විම්බල්ඩන් කිරුළට හිමිකම් කියා ඇති සෙරීනා විලියම්ස්ට මෙවර විම්බල්ඩන් ටෙනිස් ශූරතා තරගාවලියෙන් ඉවත් වීමට සිදුවීමට සිදුවිය.
වෝග් සඟරාව වෙත අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ තමා ‘විශ්රාම යාම’ යන පද වලට අකමැති බවයි.
මේ මාසයේ පැවැත්වෙන ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියටද තරග කරනු ඇත .