food-01-080618

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී, සංචාරකයන්ට නවාතැන්  හා ආහාර සේවා සපයන හෝටල් සහ ආපනශාලාවලට වයින් සහ බියර් අළෙවි කිරීමට අවසර දීමට තීරණය කළ බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසයි.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස මෙම තීරණය ගත් බවත් එම මෘදු මත්පැන් අළෙවි සඳහා වන වාර්ෂික බලපත්‍රය රුපියල් 25,000 කට දීමට නියමිත බවත් එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.

About The Author

Leave a Reply