මඩකළපුව දිස්ත්‍රික්කයේ, වවුනතිව් ප්‍රදේශයේ පිහිට වූ මෙගාවොට් 10ක ධාරිතාවකින් යුත් සෝලාර් යුනිවර්ස් (පෞද්) සමාගම සූර්ය විදුලිබලාගාරය ජාතික පද්ධතිය වෙත සම්බන්ධ කිරිම විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දිනක සිදු විය.
මෙම බලාගාරය වින්ඩ් ෆෝර්ස්, විදු ලංකා සහ හයි එනර්ජී සමාගම්වල ආයෝජනයෙන් සංවර්ධනය කර ඇති අතර මෙය මෙය මෙරට තුළ සූර්ය පැනල මගින් බලශක්ති උත්පාදනයට සමගාමීව එම භූමිය තුළ කෘෂිකර්මාන්තයද සිදු කරන ප්‍රථම ව්‍යාපෘතිය ලෙසින්ද සැලකෙයි. ඒ අනුව මෙය ලංකාවේ පළමු “Agrivoltaic (කෘෂිවෝල්ටීයතා)” සූර්යවිදුලිබලාගාරය ලෙසින්ද සැලකෙයි.
මෙම බලාගාරය මගින් වාර්ෂිකව ගිගා වොට් පැය 20ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කෙරේ.මේ හරහා වාර්ෂිකවට ඩීසල් ලීටර් මිලියන 4.9 ක් රටට ඉතිරි කරනු ඇතැයි අපේක්ෂාව වී තිබේ.