04-yv-Rising-01

මෑත කාලයේ ලාංකීය කලා ක්ෂේත්‍රයේ බිහි වූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියන්නේ .මේ දිනවල තිරගත වන ද ගේම් චිත්‍රපටයේ වගේම මේ දිනවල හිරු නාලිකාවේ විකාශනය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයේ කැතරින් ලෙසින් ඇය අපේ ආලින්දයට එනවා.

ඉතින් ඇය එක්තරා රූපවාහිනී විනෝදාස්වාද වැඩසටහනකට එක්වෙමින් අදහස් දක්වා සිටියේ මේ ආකාරයටයි.

“මම දැන් පෙම්වතියක් නෙවෙයි. free bird කෙනෙක් වගේ ඉන්නවා.free bird කියලා ටැටු එකක් පවා මම බෙල්ලේ පිටුපස කරගෙන තියෙනවා. පස්සෙ කාලෙකදි නම් මම පෙම්වතියක් වෙයි.මම කැමැති වෙන්නේ මැරෙනකන්ම මගේ රංගන කටයුතු සිදු කරන්න මට හොඳ සහයෝගයක් ලබා දෙන කෙනෙක්ට.මට තවම විවාහ වෙන්න අදහසක් නැහැ. තාත්තයි අක්කයි අක්කගෙ බබයි එක්ක රංගන කටයුතුවල ද නිරත වෙමින් සතුටින් ගත කරනවා.කනවා බොනවා ජිම් යනවා life එක විනෝදයෙන් ගත කරනවා.මම විවාහ වෙන්න කැමති වෙන කෙනා ක්ෂේත්‍රයෙ කෙනෙක් හෝ ක්ෂේත්‍රයෙන් පිට වුනත් කමක් නැහැ.ඔහු විවාහ වෙන කාන්තාව සමග විශ්වාසයෙන්, අවබෝධයෙන් හොඳ සහයෝගයක් ඇතිව සිටින්න ඕන.ඉතින් ඒ වගේ හොඳ attitude එකක් තියෙන කෙනෙක්ව තමයි මම බලන්නේ.”

About The Author

Leave a Reply