ඩුබායි බැංකුවක රාජපක්ෂලාගේ මුදල් ඇතැයි කීමට සාක්ෂි නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා විසින් අය-වැය විවාදයේ දී අදහස් දක්වමින් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී වැඩි දුරටත් කියා සිටියේ ඩුබායි බැංකුවක ඩොලර් බිලියනයක මුදලක් තැන්පත් කර ඇතැයි කියන වාර්තා ගැන සෙවීමට යහපාලන ආණ්ඩුව සමයේ කණ්ඩායමක් ඩුබායි රාජ්‍යයට ගියද ඒ සඳහා සාක්ෂි නැති බව ඔවුන් තමන්ට පැවසූ බවයි.