buththla

රික්ටර් මාපකයේ 3.0ක අගයක සුළු භූ කම්පන තත්ත්වයක් ඊයේ බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව වාර්තා වී තිබූ අතර අද (11) වැල්ලවාය ප්‍රදේශයේ තවත් සුළු භූ කම්පනයක්  සිදු වී තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කරන ආකාරයට අද අලුයම 3:48 පමණ එම කම්පනය සිදු වී ඇති අතර එහි විශාලත්වය රික්ටර් මාපක 2.3ක් ලෙස සටහන් වී ඇති බවත් වැල්ලවාය නගරයේ නැගෙනහිර ප්‍රදේශය එහි කේන්ද්‍රය ලෙස සටහන් වී  ඇත.

ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තැටි චලනය හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ භූ කම්පන අපේක්ෂා කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසා තිබේ.

About The Author

Leave a Reply