ජනවාරි 1වෙනිදා සිට මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 7,647ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 6,497ක් ද පෙබරවාරි මාසයේදී දැනටමත් රෝගීන් 1,150ක් ද වාර්තා වී ඇති බව එම අංශය සඳහන් කළේය.
කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර පසුගිය මාසයේදී කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් රෝගීන් 1,000 බැගින් වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 218ක්, පුත්තලමෙන් රෝගීන් 172ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 130ක් පෙබරවාරි මාසයේ මේ දක්වා වාර්තා වී ඇත.
වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් වාර්තා කළේ රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවයි .