1.එක දිගට දෙවරකට වඩා කෙනෙක්ට ඇමතුම් ගන්න එපා.ඔවුන් ඔබගේ ඇමතුම ලබා නොගන්නේ නම්,ඔවුන්ට සහභාගී වීමට වැදගත් යමක් ඇතැයි උපකල්පනය කරන්න;ඔබට වගේම අන් අයටත් කාලය වටිනවා
( මෙ වැරැද්ද මමත් කරල තියෙනවා ආයෙ නොකරන්න මං මට පොරොන්දු වුනා)
( මෙ වැරැද්ද මමත් කරල තියෙනවා ආයෙ නොකරන්න මං මට පොරොන්දු වුනා)
2. ඔබ යමෙකුගෙන් ණයට ගත්තා නම් ඒ පුද්ගලයා ඒ පිළිබඳව මතක් කරන තුරු ඉන්න එපා,එය ඔබේ අඛණ්ඩතාව සහ චරිතය මොනවට පෙන්නුම් කරයි.මෙය මුදල්මය ගනුදෙනුවකින් එයාට ගිය කුමන හෝ ගනුදෙනුවක් විය හැකියි (පෑනක් පොතක්,කුඩයක් )
(මොකද දේශපාලනඥයෝ තරම් මේ රටේ මිනිස්සු පොහොසත් නෑ.එහෙම කරන්න එපා,ඒක පව් )
(මොකද දේශපාලනඥයෝ තරම් මේ රටේ මිනිස්සු පොහොසත් නෑ.එහෙම කරන්න එපා,ඒක පව් )
3. යමෙක් ඔබට දිවා ආහාරය/රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දෙන විට කිසිවිටෙක ඒ මෙනුවේ ඇති මිල අධික කෑම ඇණවුම් නොකරන්න.
එම සංග්‍රහය ඔහු ඔබට තියෙනවාට දෙනවා නෙවෙයි,එය ඔහු ඔබට ඇති ගරුත්වයේ පිළිබිඹුව ප්‍රකාශ කරයි. (ගරුත්වය විනාශ කරගන්න එපා.)
එම සංග්‍රහය ඔහු ඔබට තියෙනවාට දෙනවා නෙවෙයි,එය ඔහු ඔබට ඇති ගරුත්වයේ පිළිබිඹුව ප්‍රකාශ කරයි. (ගරුත්වය විනාශ කරගන්න එපා.)
4. ‘අනේ ඉතින් තවම විවාහ වෙලා නැද්ද?’ ඔය අත නැතිවුනේ මොනවා වෙලාද ?
‘ඔයාට ළමයි නැද්ද’,
‘ඇයි ගෙයක් ගත්තේ නැත්තේ?’
ඇයි කාර් එකක් ගන්නේ නැත්තේ?
අයියෝ තවම ජොබ් එකක්වත් කරන් නැද්ද ?
‘ අඩේ කලින් ආදරේ කරපු කෙනා දැන් නැද්ද ?
හුගක් කෙට්ටු වෙලා මොකද කන්ඩ නැද්ද වගේ ප්‍රශ්න අහන්න එපා.
දෙවියනේ ඔයා මොකටද ඒ දේවල් ගැටලුවක් කරගන්නේ;
(ඔයා අහන ප්‍රශ්න වලින් ඔයාගේ මට්ටම තීරණය වේනවා.)

5. ඔයා පිටුපසින් එන පුද්ගලයාට නිතරම දොර අරින්න.එය පිරිමි ළමයෙකු හෝ ගැහැණු ළමයෙකුද,ජ්‍යෙෂ්ඨ හෝ කනිෂ්ඨද කියලා ගැටළුවක් නොවේ. ප්‍රසිද්ධියේ යමෙකුට හොඳින් සැලකීමෙන් ඔයා පහත් වන්නේ නැ,
(එයින් ඔයාගේ තත්ත්වය තීරණය වේනවා.)
(එයින් ඔයාගේ තත්ත්වය තීරණය වේනවා.)
6. ඔයා මිතුරෙකු සමඟ කුලී රථයක යනකොට ඔහු හෝ ඇය ඒ මොහොතේ ඒ මුදල ගෙවන්නේ නම්,ඊළඟ වතාවේ ඔයා ගෙවීමට උත්සාහ කරන්න;
(එය ඔයාගෙ කරුණාවන්ත භාවය ඔහුට දනවයි.)
(එය ඔයාගෙ කරුණාවන්ත භාවය ඔහුට දනවයි.)
7. අනෙකාගේ මතවලට ගරු කරන්න.ඔයාට 6 තවකෙකුට 9 ලෙස පෙනෙන්න පුලුවන්,ඔයාට හරිදේ තවකෙකුට වැරදි වෙන්න පුළුවන්,අරගලයකින් තොරව ඔහුගේ මතය ඔහුට දරන්න ඇති අයිතියට හිස නමන්න කරන්න.
(ගරු කරන්නාටයි ගරුත්වය ලැබෙන්නේ.)
(ගරු කරන්නාටයි ගරුත්වය ලැබෙන්නේ.)
8. කෙනෙක් කථා කරන කොට කිසි විටෙක ( මැදින් පැනලා ) බාධා කරන්න එපා.පළමුව ඔහු කියන දේට සවන් දෙන්න දෙවනුව ඔයා හඩ අවදි කරන්න
ඒකම තව දෙයක්
(මිනිස්සු කියන හැමදේම ඔලුවට ගන්න ඕනේ නෑ අවශ්‍ය දේ ගන්න අනවශ්‍ය දේ බැහැර කරන්න.)
ඒකම තව දෙයක්
(මිනිස්සු කියන හැමදේම ඔලුවට ගන්න ඕනේ නෑ අවශ්‍ය දේ ගන්න අනවශ්‍ය දේ බැහැර කරන්න.)
9. ඔයා කාටහරි උසුළු විසුළු කරනකොට ඔවුන් එය භුක්ති විඳින බවක් නොපෙනේ නම්,ඔවුන් එයින් අපහසුතාවයට පත්වෙනවා නම් කරුණාකරලා එම විහිළුව එතනින් නතර කරන්න,නැවත කිසි දිනෙක ඒ ආකාරයේ විහිලු ඔහු/ඇය සමග නොකරන්න.සමහර විහිළු තියෙනවා (මිනිස්සුන්ගේ පපුව කිතූ කීතු කරලා තුවාල කරන්න තරම් ප්‍රබල)
10. කවුරුහරි ඔයාට උදව් කරන විට “ස්තූතියි” කියන්න.බස් එකක මුදල් දීලා ගියත් ටිකට් කඩන මහත්තයාට ඔබ ස්තූති කියන්න තරම් නිහතමානී වෙන්න,මෙය සමාජයේ ජීවත් වෙන විට තවකෙකුට සිතට සතුටක් ගෙනෙන බලවත්ම වචනයක්.
( “ස්තූතියි” ලොව බලවත්ම වචනය කියලයි මගෙ විශ්වාසය )
( “ස්තූතියි” ලොව බලවත්ම වචනය කියලයි මගෙ විශ්වාසය )
11. ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරන්න.පුද්ගලිකව විවේචනය කරන්න;
(චරිත ඝාතනය තරම් කැත දෙයක් වෙන කොහෙවත් නෑ.)
12. කෙනෙකුගේ මහත ගැන අදහස් දැක්වීමට කිසිදු අයිතියක් ඔයාට නැ. නිකමට කියන්න, “ඔබ හරිම අපූරුයි” එවිට ඔවුන්ට බර අඩු කර ගැනීම ගැන කතා කිරීමට අවශ්‍ය නම්, ඔවුන් එසේ කරනු ඇත;
( මීට කාලෙකට කලින් මං මේ වරද කරා මට සමාවෙන්න )
( මීට කාලෙකට කලින් මං මේ වරද කරා මට සමාවෙන්න )
13. යමෙකු ඔයාට ඔවුන්ගේ දුරකථනයේ ඡායාරූපයක් පෙන්වන විට,වමට හෝ දකුණට ස්වයිප් නොකරන්න. ඊළඟ රූපය කුමක් දැයි ඔබ කිසිදා නොදනී;දුරකථනය යනු පෞද්ගලික මෙවලමකි,
පෞද්ගලිකත්වය වටිනවා වගේම අනිත් අයටත් ඔවුන්ගේ පෞද්ගලිකත්වය වටිනවා (පෞද්ගලිකත්වයට ගරු කරන්න.)
පෞද්ගලිකත්වය වටිනවා වගේම අනිත් අයටත් ඔවුන්ගේ පෞද්ගලිකත්වය වටිනවා (පෞද්ගලිකත්වයට ගරු කරන්න.)
14.කවුරු හරි ඔබට කිව්වොත්
අනේ අද මට ඉස්පිරිතාලෙ/ඩොක්ටර් හම්බෙන්ඩ යන්න තියෙනවා කියලා අනේ කිසිම වෙලාවක ඇයි ඒ කියලා අහන්න එපා,
“ඔබ හොඳින් ඇතැයි මම විශ්වාස කරමි” කියලා කියන්න.ඔවුන්ගේ පෞද්ගලික අසනීප ගැන ඔයාට පැවසීමට අපහසු තත්ත්වයකට ඔවුන් පත් කරන්න එපා.
(ඔවුන්ට ඔයාට එය කීමට අවශ්‍ය නම්, ඔවුන් ඔබ අසන්නට කලින් හේතුව කියනු ඇත.)

15. ඔෆිස් එකේ බොස් CEO ට සමාන ගෞරවය ඔබේ කාර්යාලය පිරිසිදු කරන්නාටත් දෙන්න,කාරුණික වීම යනු මහන්තත්ත කමක් නෙවෙයි,
(එක මනුෂ්‍යයෙක්ට තියෙන්නම ඕනි quality එකක්.)
(එක මනුෂ්‍යයෙක්ට තියෙන්නම ඕනි quality එකක්.)
16. කව්රු හරි ඔබ දිහා කෙලින්ම බලාගෙන කතා කරනකොට ෆෝන් එක ඔබන්න එපා,පැද්දෙන්න එපා දඟලන්න එපා,කොපමණ අසීරුතාවක මැද වුවත් ඔහුට සවන් දෙන්න.
(ඇහුම්කන්දීම මානුෂීය මානුෂික ගුණාංගයක්)
(ඇහුම්කන්දීම මානුෂීය මානුෂික ගුණාංගයක්)
17. මිනිස්සු ඔබෙන් උපදෙසක් ඉල්ලන තුරු බලෙන් අනුන්ගෙ ප්‍රශ්න වලට උපදෙස් දෙන්න එපා; ඒක හෙන නෝන්ජල් වැඩක්
(ඉතින් නෝන්ඩි වෙන්න එපා)
(ඉතින් නෝන්ඩි වෙන්න එපා)
18. බොහෝ කලෙකට පස්සෙ කෙනෙක් මුණගැසෙන විට,එක විටම ඔවුන්ගේ වයස සහ වැටුප ඔවුන්ගෙන් අහන්න එපා
(ඔවුන්ට අවශ්‍ය නම් ඔවුන් ඔබට කියාවි. )
(ඔවුන්ට අවශ්‍ය නම් ඔවුන් ඔබට කියාවි. )
19. ඔබ කිසිවෙකු සමඟ කතා කරන්නේ නම් ඔබේ sunglass,cap,umbrella අකුල ගන්න,
(එය ගෞරවයේ සලකුණකි)
(එය ගෞරවයේ සලකුණකි)
20. හොඳ පණිවිඩයක් කියවීමෙන් පසු “පණිවිඩයට ස්තූතියි” කීමට උත්සාහ කරන්න.
අගය කිරීම සහා පිළිගැනීම ඔබ සතුව නැති දේ ලබා ගැනීමේ පහසුම ක්‍රමයයි.
අඩුපාඩු තියෙනවා නම් දුක් වෙන්න ඕනි නැ, ඒ දේවල් හදාගෙන මිනිස්සුන්ට දැනෙන මිනිහෙක් වෙමු
හුගක් ආදරේයි
අඩුපාඩු තියෙනවා නම් දුක් වෙන්න ඕනි නැ, ඒ දේවල් හදාගෙන මිනිස්සුන්ට දැනෙන මිනිහෙක් වෙමු
හුගක් ආදරේයි
සටහන – sumeera gunasekara
ඉංග්‍රීසි පුවත් පතකින් ගත් ලිපියක පරිවර්තනයකි.
ඉංග්‍රීසි පුවත් පතකින් ගත් ලිපියක පරිවර්තනයකි.