මේ ඊයේ රෑ මට ආපු whatsApp message එකක්
Message එක දකිත්දිම මේ මොකකද කියලා තේරුම් ගන්න තරම් Online Scam ගැන පරිණත වෙලා නිසා හිනාත් ගියා.
ඊට පස්සේ ඉතින් ජොලියට hi කියලා දාලා බැලුවා. ඊට පස්සේ සුපුරුදු පරිදි එයා බලාපොරොත්තු වෙච්ච විදියටම මොකද වෙන්නේ කියලා කතාවට සෙට් වෙනවා.
ඊට පස්සේ පිළිවෙලින් වෙන ටික සැකෙවින් මෙහෙමයි,
Scamer :- කොහොමද ඉතිං
මං :- හොඳින් ඉන්නවා. ඔයාට කොහොමද?
ඊට පස්සේ එයා (ඇත්තටම ඌ) එවනවා මමත් හොඳින්, හැබැයි දුකින් කියලා. එතකොට මං අහනවා ඇයි කියලා. (දුක අහන අයියා වෙනවා…)
ඊට පස්සේ කියනවා මං මේ ස්වීඩන් හරි නෙදර්ලන්තේ හරි තනියෙන් ඉන්නේ, හස්බන්ඩ් මැරිලා, දරුවෝ කසාද බැඳලා වෙන රටවල්වල, ඒ නිසා මම තනියම ඉන්නේ, ඒනිසා දුකයි කියලා… (මම දුක නිවනවා ඊට පස්සේ )
ඉන්පසු දවස් කිහිපයක් ගියාම එයා කියනවා මට ලංකාවට එන්න ආසයි, ඇවිල්ලා ඔයත් එක්ක ලංකාව බලන්න ආසයි කියලා, (රටට ඩොලර් ගේන්න ඕනේ කියන ස්ථිර අධිෂ්ඨානයෙන් මං කියනවා හා එන්න එහෙනම් කියලා)
ඊට පස්සේ එයා කියනවා මං එන්න කලින් ඔයාට තෑගි ටිකක් එවන්නම් කියලා, ඊට දවස් කිහිපයකට පස්සේ අයිපෝන් එකක්, ලැප් එකක් හෝ ටැබ් එකක්, ටීෂර්ට්, වොචර්ස්, පර්පියුම් වගේ බඩු කිහිපයක පිංතූර එයා එවනවා මේ මං ඔයාට එවන්න ගත්ත ඒවා කියලා, ආ තව සමහරවිට ලංකාවට ආවම එයාට වියදම් කරන්න ඕනේ ඩොලර් මිටියකුත් අර පෙට්ටියෙම දාලා එවන්න පුලුවන්, (මං ඉතිං ඒවා දැකලා අඳිනවා ඇදිල්ලක් කොහොමද දන්නවද…)
ඊට පස්සේ එයා මගේ ඇඩ්රස් එක ඉල්ල ගන්නවා, අර බඩු ටික පෙට්ටියකට දාන, ඒ පෙට්ටියේ මගේ ඇඩ්රස් එක ගහපු පොටො කිහිපයක් එවනවා මට විශ්වාසේ වැඩි වෙන්න, (දැන් මං හොඳටම ඇඳලා ඉන්නේ.. )
ඔන්න ඊට පස්සේ එයා කියනවා මං අද ඒක පෝස්ට් එකට දැම්මා හැබැයි සල්ලිත් තියෙන නිසා සාමාන්‍ය පෝස්ට් එකෙන් ගෙදරට ඒක එවන්න බැරි වෙයි, එයා දන්න ලංකාවේ කෙනෙක් ඉන්නවා ලංකාවේ එයාපෝට් එකේ වැඩ කරන, එයා ඒ පාර්සලේ අරං ඔයාට එවයි කියලා. (ඉතිං මම මාර හෝප්ස් තියන් බලන් ඉන්නවා )
ඔන්න ඊට දවස් තුනකට විතර පස්සේ ලංකාවේ mobitel නම්බර් එකකින් කෙනෙක් කෝල් කරනවා, පිරිමි කෙනෙක් ඉන්ග්ලිෂ් වලින් කතා කරන්නේ, එයා කියනවා එයා එයාපෝට් එකේ වැඩ කරන්නේ, මගේ නමට අර එවපු බඩු පාර්සලේ තියෙනවා, ඒක ගෙදරටම delivery කරන්නම්, හැබැයි ඒක release කරගන්න පොඩි tax එකක් ගෙවන්න ඕනේ කියලා (දැන් මොකද වෙන්නේ මම අදිනවා තවත් මොකද මම ඇත්තටම හිතනවා මේ කතා කරන්නේ එයාපෝර්ට් එකෙන් කියලා, mobitel නම්බර් එහෙකින් )
ඊට පස්සේ මං අහනවා කීයක් ද එකට දාන්න ඕනේ කියල, ඔන්න දැන් අර මනුස්සයා කියනවා 57,560 /= එහෙමත් නැත්නම් 97,550/= ක් වගේ රවුම් නැති ගානක්, ඒක දාන්න කියලා එවනවා ලංකාවේ කෙනෙක්ගේ එකවුන්ට් නම්බර් එකක් (මං බලනවද ඒ මොකෝ කියලා? නෑ මං බලන්නෑ, දැන් මට වටින්නේ අර බඩු ටික…)
ඔන්න ඒ අතර අර ඇන්ටි මට මැසේජ් කරනවා, ඔයාගේ පාර්සලේ ඇවිල්ලා නේද,මට මෙහෙට ඩිලිවරි රිපෝට් එක ආවා කියලා, රීලීස් කරගන්න පොඩි ගානක් ගෙවන්න ඕනේ නේද, ඒක ඔයා ගෙවලා අර පෙට්ටියේ තියෙන එයාගේ සල්ලි වලින් ඒ ගාන ගන්න කියනවා. (ඩොලර් මිටියෙන් කල්ල මරේ)
ඔන්න දැන් අවසාන වශයෙන් මං සීරියස් වෙලා අර බඩු පෙට්ටිය release කරගන්න ඕන ගාන හොයාගන්නවා ණයක් වෙලා හරි, ළඟ තිබ්බ සල්ලි හරි එකතු කරලා අර කිව්ව ලංකාවෙ account නම්බර් එකට දානවා.
දාලා විනාඩි පහකින් අර මට කෝල් කරපු එයාපෝට් එකේ එක්කෙනාගේ නම්බර් එකට නැවත කෝල් එකක් ගන්නවා
ඔන්න දැන් තමයි හොඳම හරිය…
සල්ලි දාලා විනාඩි පහකට විතර පස්සේ මට අර කතා කරපු එයාපෝට් එක්කෙනාගෙ ෆෝන් නම්බර් එක වැඩ කරන්නේ නැතුව යනවා, ඔන්න එතකොට මං කලබල වෙනවා, මෝඩ වැඩක් කරා ද මන්දා කියලා හිතිලා ටක් ගාලා බැංකුවට කෝල් කරනවා අර දාපු සල්ලි hold කරන්න පුළුවන්ද අහන්න. ඔන්න එතකොට බැංකුව කියනවා, සල්ලි දාපු ගමන් ඒ සල්ලි ATM එකකින් අරන් ඉවරයිනේ කියලා.
ඔන්න එතකොට මගේ දෙලොව රත් වෙනවා, ටක් ගාලා අර ඇන්ටිට මැසේජ් එකක් දාන්න බලද්දි, එයත් බ්ලොක් කරලා ගිහිල්ලා
ඊට පස්සේ බැංකුවෙන් අහනවා අර සල්ලි දාපු එකවුන්ට් එක කාගෙද කියලා, එයාලා කියනවා කවුරු හරි වයසක අම්මා කෙනෙක්ගේ හෝ තාත්තා කෙනෙක්ගේ කියලා. ස්කෑමර් පාරේ යන වයසක කෙනෙක් බැංකුවට එක්කන් ගිහින් එයාගේ id එකට එකවුන්ට් එකක් හදවලා ඒ කෙනාට රු 1500/=ක් විතර දීලා පිට කරවලා ATM කාඩ් එක ස්කෑමර් ගන්නවා.
ඔන්න ඔහොම ලංකාවේ හැංගිලා ඉන්න නයිජීරියන් Scamer කෙනෙක්ගේ scam එකකට අහුවෙච්ච “තවත් එක් කෙනෙක්” විදිහට කතාව අවසන් වෙනවා…
වෙච්ච දේ කාටත් කියන්නත් බෑ, පොලිසියකට යන්නත් බෑ, වෙච්ච පාඩුව විඳගෙන ඔහේ ඉන්නවා.
ආසන්න වශයෙන් අර එක පුද්ගලයා විතරක් මාසෙකට ඒ වගේ අය 25-30ක් විතර අන්දනවා.
වාර්තා අනුව දැනට වසර 5-6ක ඉදන් හැම මාසෙකම ලංකාවේ මිනිස්සු 1000-1500ක් අතර ප්‍රමාණයක්, මිලියන ගාණක් මුදල් මෙන්න මෙහෙම Online Scamer කෙනෙකුට පූජා කරලා කටවල් වහන් ඉන්නවා.
ඔබත් අහුවෙන්න එපා…!
තවත් කෙනෙක් දැනුවත් කරන්න…!
මීළග ගොදුර ඔයාගෙ පවුලේ කෙනෙක් වෙන්න පුලුවන්
-දසුන් වානගුරු